ජාතියෙන් සමාව ඉල්ලු සරත්ගෙන් කතානායකට චෝදනාවක් ! 

ජාතියෙන් සමාව ඉල්ලු සරත්ගෙන් කතානායකට චෝදනාවක් ! 

විපක්ෂ නායකකම පාර්ලිමේන්තු  මන්ත‍්‍රීවරුන් 70 දෙනෙකු ඉල්ලා සිටිද්දී කතානායකවරයා විසින් එය පැහැර හැරීම බරපතල ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල දැමීමක් යයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා  පවසයි.

ව්‍යවස්ථානුකූලව කිසියම් කරුණක් සම්බන්දයෙන් කතානායකවරයාට ජනාධිපතිවරයාගේ හා ශ්‍රේෂ්ඨාධිකරනයේ දැනුම් දීම්, නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතත් පක්‍ෂ ලේකම්වරුන්ගේ මත විමසීමට උවමනාවක් හෝ නීතියක් කිසිසේත්ම නොවන බවද ඔහු සදහන් කරයි.

මේ ජාතියෙන් සමාව ඉල්ලු සරත්ද ?

දේශපාලන පක්‍ෂ පක්‍ෂ ලේකම්වරුන් සමගින් ගණුදෙනුවක් ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බවත් කතානායකවරයා ස්වාධීන පුද්ගලයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කල යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

හෙල්පින් හම්බන්තොට මහා මුල්‍ය  වංචාවට අදාළව මහින්ද රාජපක්ෂව  හිරේ යැවීමට තිබියදී ඊට අදාළ නියෝගය ලබානොදීම සම්බන්ධව තමන් සමස්ථ ජාතියෙන් සමාව අයදින බව පැවසුවේද මේ සරත් නන්ද සිල්වා මය. නමුත් දැන් නැවත ඔහු මහින්ද රාජපක්ෂට හිතවත්ව ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියට සහය දෙමින් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න