කොමියුනිස්ට් පක්ෂය 'ජන බල සේනා' වර්ජනය කරයි 

කොමියුනිස්ට් පක්ෂය 'ජන බල සේනා' වර්ජනය කරයි 

ඊයේ (02) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ "ජන බල සේනා" විරෝධතා රැලියට සහභාගී වීම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් වර්ජනය කර තිබිණ. 

ඒ සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පතට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශකර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට පොදු අරමුණක් නොමැති නිසා එම රැලියට සහභාගී නොවන බවයි.

පොදු අරමුණක් නිර්මාණයවී නොමැති වේදිකාවක ඕනෑම අදහසක් ප්‍රකාශවිය හැකි බවත්, ජාතිවාදී අදහස් ඇතුළු තම පක්ෂයට එකඟ විය නොහැකි අදහස් එහිදී ප්‍රකාශ වුවහොත් එය ගැටළුවක් විය හැකි බැවින් මෙවැනි තීරණයක් ගත් බව ගුණසේකර මහතා සඳහන් කර තිබේ.

තම පක්ෂය නිල වශයෙන් ඊට සබභාගි නොවුන ද පාක්ෂිකයින් අතර කැමති කෙනෙක් සිටියි නම් එම රැලියට සහභාගිවීමට බාධාවක් නොවූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න