යුද හමූදා රෝහලට ISO සහතිකයක්

යුද හමූදා රෝහලට ISO සහතිකයක්

විශ්‍රාමික හා සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ සිවිල් කාර්ය මණ්ඩලයට මෙන්ම නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට ද වෛද්‍ය පහසුකම් සපයනු ලබන දිවයිනේ ඉතා උසස් රෝහලක් ලෙස පිළිගනු ලබන කොළඹ යුද හමුදා රෝහලට ප්‍රමිතිකරණ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) වෙතින් පිළිගත් (ISO)සහතිකය පිරීනමනු ලැබීය.විශ්‍රාමික හා සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ සිවිල් කාර්ය මණ්ඩලයට මෙන්ම නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට ද වෛද්‍ය පහසුකම් සපයනු ලබන දිවයිනේ ඉතා උසස් රෝහලක් ලෙස පිළිගනු ලබන කොළඹ යුද හමුදා රෝහලට ප්‍රමිතිකරණ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) වෙතින් පිළිගත් (ISO)සහතිකය පිරීනමනු ලැබීය.

මෙම ගෞරවනීය (ISO) 9001 සහතිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයේ රෝහලක් සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

අති නවීන කොළඹ යුද්ධ හමුදා රෝහල ඇඳන් 1024 ක්, වාට්ටු 21 ක්, දන්ත ශල්‍ය ඒකක 12 ක්, මෙහෙයුම් ශල්‍යාගාර 9 ක්, එම්ආර්අයි ස්කෑන් පහසුකම් (MRI scanning), ඉහළ වහළයේ හෙලිකොප්ටර් පථයක්, ස්වයංක්‍රිය x-ray යන්ත්‍ර, ව්‍යාධිවේදය, විකිරණවේදය සහ සම පිළිබඳ විද්‍යා ඒකක, ප්‍රසුති කාමර සහ ආපන ශාලා, ආසන 314 කින් සමන්විත ශ්‍රවණාගාරයක් සහ රෝගින් 1000 කට අධික ප්‍රමාණයක් දෛනිකව පරික්‍ෂා කරනු ලබන බාහිර රෝගි අංශයකින් සමන්විත ජාත්‍යන්තර තත්ත්වයේ සියලු පහසුකම් සහිත තට්ටු 10ක ගොඩනැගිල්ලකින් සමන්විත වේ.

{gallery}iso{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න