ඒකාබද්ධයට ජනාධිපති ගෙන් සැර පිළිතුරක් 

ඒකාබද්ධයට ජනාධිපති ගෙන් සැර පිළිතුරක් 

වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැති අතර, ඉදිරියට ද කිසි සේත් එවන් දෙයකට ඉඩක් නොමැති බව පවසන ජනාධිපතිවරයා, වීරෝධාර රණවිරුවන්ට ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපැම් සියල්ලෙන් ඔවුන් නිදහස් කර ගත්තේ ද වත්මන් රජය බව පවසයි.

රට පාවා නොදෙන ලෙස හා රණවිරුවන් රැක ගන්නා ලෙස ඉල්ලමින් යල්පැන ගිය සටන් පාඨ කියමින් ඇතැම් දේශපාලනඥයන් ලිප්ටන් වටරවුමේ සිට පෙළපාලි යන්නේ තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මනම්පිටිය නගරයේ හෙළ බොජුන් හලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ඊයේ (02) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන සටන් පාඨ කිසිවක් අද දවසට වලංගු නොවන අතර, එදා කතා කළ  විදුලි පුටු, ජාත්‍යන්තර යුද අධිකරණ මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වීම යන සියලූ කතා බහ වත්මන් රජය යටතේ නිමා වූ බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් ඓතිහාසික පරිවර්තනයක් වත්මන් රජය දැන් රට තුළ සිදු කරමින් සිටින බවයි.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 21.53 ක වියදමින් මනම්පිටිය හෙළ බොජුන් හලේ සංවර්ධන කටයුතු නිමවා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න