ඒකාබද්ධයට විපක්ෂනායක ධුරය දෙන්න  :  සන්ධානයේ සාකච්ඡාවක් !

ඒකාබද්ධයට විපක්ෂනායක ධුරය දෙන්න  :  සන්ධානයේ සාකච්ඡාවක් !

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂනායක ධූරය ඉල්ලීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සංධානයේ මතය සංධානයේ සෙසු නායකයන් සමඟ සාකච්ඡා කර කතානායකවරයාට දැනුම් දෙන බව එහි මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා  මේ බව පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක ධූරය ඉල්ලීම පිළිබඳව කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සංධානයේ මතය විමසීම පිළිබඳව මාධ්‍ය සිදුකල විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.

මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ    ‘‘කතානායකවරයා තමන්ට  ලියුමක්  එවා තිබෙන බවට දැනගන්නට ඇති නමුත් තවමත් එය තමන්ට නොලැබුණු බවය. එසේම ලිපිය ලැබීමෙන් පසුව සන්ධානයේ  නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගෙන එය කතානායකවරයාට දැනුම් දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න