ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම : ඒ.එච් 94 මේජර් අත්අඩංගුවට !

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම : ඒ.එච් 94 මේජර් අත්අඩංගුවට !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කරන රහස් පොලිස් කණ්ඩායම එම පරීක්ෂණවලට අදාළව තවත් හමුදා නිලධාරීයෙකු අත්අඩංගුවට ගනු ඇතැයි දැනගන්නට ඇත.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පළමු වරට පැහැර ගැනීමට සම්බන්ධ 'ඒඑච් 94' යන ආරූඬ නාමයෙන් හඳුන්වනු ලැබූ ගිරිතලේ බුද්ධි කඳවුරට අනුයුක්තව සේවය කළා යැයි කියන මේජර්වරයෙකු මෙළෙස අත්අඩංගුවට ගනු ඇතැයි වාර්තාවේ.

මෙම සිද්ධියේ දෙවන සැකකරු වන කර්නල් සිරිවර්ධනගේ නිවස පරික්ෂා කිරීමේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පළමුවරට පැහැරගැනීමට අදාළව ගිරිතලේ බුද්ධි කඳවුර විසින් සාදනු ලැබූ වාර්තාවක් ලැබී ඇති අතර එම වාර්තාව කොළඹට රැගෙන විත් අදාළ සම්බන්ධ කිරීම් සිදුකර ඇත්තේ මේ හමුදා නිලධාරියා විසින් බව හඳුනාගෙන ඇත.

හමුදාව අධිකරණය නොමග යවලා !

මෙම නිලධාරියා මෙම පළමු පැහැරගැනීමේ සිට ප්‍රගීත් අතුරුදන් කිරීම දක්වා සිදුවීම් ජාලයට සම්බන්ධ බව එම පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත.

ආරූඬ නාමයෙන් හඳුන්වන එම හමුදා නිලධාරීයා කවුරුන්ද යන්න හෙළි කරන්න යැයි රහස් පොලිසිය දිගින් දිගටම යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂගෙන් අධිකරණය හරහා ඉල්ලීම් කරනු ලැබුවත් එවැනි නාමයකින් හැඳින්වුණු හමුදා නිලධාරි‍යෙකු ගිරිතලේ බුද්ධි කඳවුරේ සිට නැතැයි පවසමින් අධිකරණයද පොලිස් පරික්ෂණ කණ්ඩායමද නොමග යවා ඇත.

එහෙත් පසුගිය ජූනි 19 වැනිදා පැවති නඩු දිනයේදී හමුදාව මෙම නිලධාරියා පිළිබඳ තොරතුරු ලබා දී ඇත.
එම තොරතුරුවලට අදාළව මේ වන විට පරීක්ෂණ සිදුවෙන අතර ඒ අනුව ඉදිරියේදී හමුදා නිලධාරියා අත්අඩංගුවට ගන්නට නියමිතය.
(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න