පුරවැසිභාවය අහිමිවූවන්ට සුවිශේෂ වීසා බලපත්‍රයක්

පුරවැසිභාවය අහිමිවූවන්ට සුවිශේෂ වීසා බලපත්‍රයක්

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමිකරගෙන ද්විත්ව පුරවැසිභාවය ලබා නොදෙන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා සුවිශේෂ වීසා බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා ප්‍රත්‍යන්ත පාලන ප්‍රධානී චන්දන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඉන්දියාව, ජපානය යනාදී රටවල ද්විත්ව පුරවැසිභාවය ලාබා නොදෙන අතර එවැනි රටවල පුරවැසිභාවය ලබාගෙන ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමිකරගන්නා ලද සුවිශේෂී දක්ෂතා ඇති සහ ආයෝජන හැකියා ඇති ශ්‍රී ලාංකිකයන් මවුබිමේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමේ අරමුණින් මෙම නව වීසා බලපත්‍රය නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය. එය දිගු කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ අවසරය ලැබෙන සුවිශේෂ වීසා බලපත්‍රයක් බවත් හෙට්ටිආරච්චි මහතා අනාවරණය කළේය.

මේ පිළිබඳ අධ්‍යයන කටයුතු සඳහා දැනට ආරම්භ වී ඇති නව වීසා බලපත්‍රය හඳුන්වා දීම තව මාස තුනකින් පමණ සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු අවධාරණය කළේය.

තම මව් බිමට පැමිණ තම දැනුමින් රටට සේවයක් කිරීමට අවශ්‍ය බව පවසමින් ඒ සඳහා වූ පහසුකම් ඇති කරන ලෙසට තම දෙපාර්තමේන්තුවට ලැබුණු ඉල්ලීම් සලකා බැලීමේදී මෙවැනි වීසා බලපත්‍රයක අවශ්‍යතාව පැන නැගුණු බවද වැඩි දුරටත් සඳහන් කළ අතර මෙම වීසා බලපත්‍රය ලබාගන්නා පිරිස දහස් ගණනක් විය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න