මල්වාන මාලිගයේ මුල්ගල තිබ්බෙත් බැසිල්ගේ පවුල පුෂ්පා !

මල්වාන මාලිගයේ මුල්ගල තිබ්බෙත් බැසිල්ගේ පවුල පුෂ්පා !

බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන මල්වාන ප්‍රදේශයේ නිවස ඉදිකිරීමට, ඔහුගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ මහත්මිය අතින් මුල්ගල් තැබුණු බව, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි සඳහන් කර ඇත.

ඊයේ (03) ඔහු මේ බව සඳහන් කර ඇත්තේ  මල්වාන දේපළ  සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාස ගොනු කර ඇති නඩුව සඳහා ගම්පහ මහාධිකරණයේ දී සාක්ෂි ලබා දෙමින්ය.

රුපියල් මිලියන 207ක රජයේ මුදල් අවභාවිත කර මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිල දී ගැනීම හා නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධ සාක්ෂි විමසීම එහිදී සිදුව ඇති අතර  තිරු නඩේෂන් මහතාගේ නමින් ඉඩම් මිල දී ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා, තමාට මුදල් ලබා දුන් බවද සඳහන් කර ඇත.

එසේම  නිවස ගොඩනැගීමට අදාළ සැලසුම් ආරම්භ කර ඇත්තේ, 2012 වසරේදී බවත් මේ කටයුත්තට තමන් යොමුවූයේ  මිරිහාන ප්‍රදේශයේ පිහිටි බැසිල් මහතාගේ නිවස සැලසුම් කිරීමේදී, බැසිල් රාජපක්ෂ මහතා සහ තමන්  අතර ගොඩනැගුණු මිත්‍රත්වය මත බවද ඔහු සඳහන් කර ඇත.

ඊට අදාළ දුරකථන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත්ව තිබේ.

බැසිල් මහතා සමඟ පැවති මිත්‍රත්වය මත නිවසේ ගෘහ නිර්මාණ ශිල්පය වෙනුවෙන් ජයකොඩි මහතා මුදල් ලබා ගෙන නොමැති අතර  මල්වාන ප්‍රදේශයේ නිවස ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ, 2013 පෙබරවාරි මාසයේ දී පමණ වන බවත් 2015 මැදභාගය දක්වා එය සිදුකළ බවද මුදිත ජයකොඩි මහතා සඳහන් කර ඇත.

එසේම කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 85ක් ගෙවීමට අදාළ රිසිට්පත් තමා සතු බව ද ඔහු පවසා ඇත.
 
එසේම අදාළ ඉඩමේ ගොවිපොළක් ආරම්භ කිරීම සඳහා පැමිණි සී අයි සී සමාගමේ නියෝජිතයින්ට ඉඩම පෙන්වා ඇත්තේ ද මුදිත ජයකොඩි මහතා විසින් වන අතර  ගොවිපොළේ ආරක්ෂාව පෞද්ගලික ආරක්ෂක සමාගමකට ලබා දී ඇත්තේ ද බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බවද එහිදී අනාවරණය විය.
මෙම  නඩු විභාගය ලබන 12 වැනි දා යළි සිදු කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න