විපක්ෂනායක ධුරය ඒකාබද්ධයට දෙන්න බැහැ - සභානායක 

විපක්ෂනායක ධුරය ඒකාබද්ධයට දෙන්න බැහැ - සභානායක 

ඒකාබද්ධ විපක්‍ෂය පිළිගත් දේශපාලන පක්‍ෂයක් වශයෙන් නොව දේශපාලන කල්ලියක් බවත් එවැනි කල්ලියකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ලබාදිය නොහැකි බවත් පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල  'ඉරිදා මව්බිම' පුවත්පතට ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ලද දේශපාලන පක්‍ෂ 5ක් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත්, එම දේශපාලන පක්‍ෂ 5ට ඒකාබද්ධ විපක්‍ෂය අයත් නොවන බවත් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂය යනු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් කල්ලියක් බවත්, එවැනි කල්ලියකට විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටීම සාධාරණ නොවන බවත් එය පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බවත් වැඩිදුරටත් දක්වන කිරිඇල්ල අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න