මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම තමන් අනුමත නොකරන බවත් සත පහකින්වත් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තමන් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
අද (04) සන්ධ්‍යාවේ පොළොන්නරුවේ නගරයේ පැවැත්වුනු ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ පසුගිය සතිය වන විට මැති ඇමති වැටුප් වැඩි කිරීම ගැන යෝජනා කළ අයෙකු නැතිව පුවත් පළව තිබූ නමුත් සති අන්තය වන විට පක්ෂ නායකයින් අතර එකඟතාවක් මත වැටුප් වැඩි කිරීමට සූදානම් වන බවක් අසන්නට ලැබුණු බවය.
කවුරු කොහේ එකඟ වුවත් මැති ඇමති වැටුප් වැඩි කිරීම ගැන අවසන් තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලය වෙත යෝජනාව පැමිණිය යුතු බවත් එහිදී සත පහකින් හෝ මන්ත්‍රී වැටුප් වැඩි කිරීමට තමන් ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

