මහින්ද පවිත්‍රා රකියි : රංජිත් සොයිසා ඇතුළු නඩයම නොකවුට් !

මහින්ද පවිත්‍රා රකියි : රංජිත් සොයිසා ඇතුළු නඩයම නොකවුට් !

රත්නපුර මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවී හෝ සභාපතිකම ලබා ගැනීමේ වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත. 

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රත්නපුර පළාත් පාලන නියෝජිතයන් දිව්රුම්දීමේ හමුව අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන්කර ඇත්තේ රත්නපුර මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය  කිසිඳු වරදක් කර නොමැති බවත් ප්‍රාදේශීය දේශපාලනයේදී ඔහොම කරන්න වෙන බවත්ය.

නමුත් මේ සම්බන්ධව මීට පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රංජිත් සොයිසා, ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ පවිත්‍රා මන්ත්‍රීවරිය ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න සමඟ එකතුවී එජාපයට වැටෙන්නට නොදී තබා ගැනීමට කටයුතු කරන බවත්, එහි ඒකාබද්ධ විපක්ෂයට එරෙහි කුමන්ත්‍රණයක් පවතින බවය.

එසේම පොදුජන පෙරමුණට රත්නපුර මහ නගරසභාවේ බලය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහය ඇතිව එය සිදුකර ගැනීමට හැකියාව තිබු නමුත් පවිත්‍රා මන්ත්‍රීවරිය ඊට එජාපයේ සහය ගෙන එජාප මන්ත්‍රීවරයෙකුට උප නගරාධිපතිධුරය ලබාදුන් බවටද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා චෝදනා කර සිටියේය.

එහෙත් මහින්ද රාජපක්ෂගේ මෙම ප්‍රකාශයත් සමඟ රංජිත් සොයිසා ඇතුළු පිරිසට යනෙන මං නැතිව ඇතිවා පමණක් නොව ජාතික දේශපාලනයේ දී මහින්ද එජාප විරෝධයක් පෙන්වන නමුත් එය ව්‍යාජයක් බව ඔප්පු වන බවත් ඒ අර්ථයෙන් ශ්‍රීලනිප එජාප සන්ධානය නිසාම බිහිකළ බව කියන පොදුජන පෙරමුණ ද අතාර්කික බව රත්නපුර දිස්ත්‍රික් ජනතාවගේ අදහස වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න