විපක්ෂනායක ධුරය ගැන සන්ධානයේ මතය අද හෙළිවෙයි !

විපක්ෂනායක ධුරය ගැන සන්ධානයේ මතය අද හෙළිවෙයි !

විපක්ෂනායක ධුරය පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මතය කථානායක කරු ජයසුරිය විසින් අද (07) පක්ෂ නායක රැස්වීමේදී දැනුම්දීමට නියමිත බව වාර්තා වෙයි.

කතානායක කාර්යාලය මේ බව නිවේදනය කරන අතර  විපක්ෂනායක ධුරය පිළිබඳ එක්සත් ජනතා නිදහස් සංධානයේ මතය මේ වන විටත් කතානායකවරයා වෙත ලැබී ඇති බවද සඳහන් කර සිටියි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ සංධානය විසින් විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන්  එම පක්ෂ නායක රැස්වීමෙදි ලබා ගන්නා අවසන් තීරණය පාර්ලිමේන්තුව වෙත හෙට (8) ඉදිරිපත් කිරිමට නියමිත බවද එහි සඳහන්ය.

අමරවීර සන්ධානයේ මතය දැනුම්දීලා 

මේ අතර විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන්  එක්සත් ජනතා නිදහස් සංධානයේ මතය ඊයේ (06) කථානායක කරු ජයසූරිය වෙත ලිපියක් මගින් භාරදුන් බව එම සංධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර  තහවුරු කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න