ඥානසාර හිමි වසර 6කට ඇතුළට

ඥානසාර හිමි වසර 6කට ඇතුළට

මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධව නඩුව හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබියදී ඊට බාධාවෙන අන්දමට හැසිරීමෙන් උසාවියට අපහාසයක්‌ කළැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද (8 දා) පෙරවරු 9.45 ට ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වසර 6ක් දක්වා සිරගත කිරීමට නියෝග ලබාදී ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරනු ලැබුවේ 2016 වසර මුලදී හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසිනි.

මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව උන්වහන්සේගේ නීතිඥවරයා අභියාචනාධිකරණය දන්වා ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති ප්‍රතිපන්න සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා දන්වා සිටියේ අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඥානසාර හිමියන් අපේක්ෂා කරන බවයි.

ඊට අදාලව කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබාදෙන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය අදාළ කරුණු දැක්වීම ලබන 29 වනදා සිදු කරන ලෙස ජනාධිපති නීතිඥවරයාට නියම කළේය.

මෙහිදී තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා එම අභියාචනයේ තීරණයක් ලැබෙන තුරු ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලෙස දැනට කර ඇති නියෝගය අත්හිටුවන මෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත නොහැකි බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් විවෘත අධිකරණය සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න