සිසුවිය අපයෝජනය කළ ටියුෂන් ගුරාලා දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

සිසුවිය අපයෝජනය කළ ටියුෂන් ගුරාලා දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

උසස් පෙළ හදාරන පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන මොනරාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට දෙවැනිවරට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් තවදුරටත් ලබන 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොනරාගල මහෙස්ත්‍රාත් එම්.ඩී.එස්.පී. ‍ෙදාඩම්ගොඩ මහතා ඊයේ (07දා) නියෝග කරන ලදී.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පාසල් දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකර එම දර්ශන අන්තර්ජාලයට හා මුහුණු පොතට දැමූ තාක්ෂණවේදය උගන්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු හා මොනරාගල අධ්‍යාපන කලාපයට අයත් රජයේ පාසලක ඉතිහාස විෂය උගන්වන ගුරුවරයෙකි.

මෙම ටියුෂන් ගුරුවරුන්ට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිමින් නිහඬ විරෝධතාවක්ද ඊයේ මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ප්‍රදේශවාසීන්, ගුරුවරුන්, මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අතර එම සැකකාර ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාටද එරෙහිව මෙම විරෝධතාකරුවන් විසින් පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණි.

"නීතිඥවරුනි මුදල්ද දරුවන්ද, ගුරු සංගම් මුනිවත රකී, මීළඟ බිල්ල ඔබේ දරුවා විය හැකියි, ටියුෂන් කඩ එපා, කුපාඩියන් වෙනුවෙන් පෙනී සිටින්නේ තවත් කුපාඩියකු පමණයි" වැනි විවිධ පාඨ සඳහන් පුවරු රැසක් ඔසවාගත් පනහකට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න