හොම්බෙන් ගිය ශ්‍රී ලන්කන්ට බිලියන 46 ක බැඳුම්කර දීලා ! 

හොම්බෙන් ගිය ශ්‍රී ලන්කන්ට බිලියන 46 ක බැඳුම්කර දීලා ! 

2009 වසරේ සිට වාර්ෂිකව දරුණු මූල්‍ය අර්බුදයකට ගොදුරුව ප්‍රාග්ධනය පවා ක්ෂය වී යන තත්ත්වයකට පත්වුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වසර තුනකට රුපියල් බිලියන හතළිස් හයයි දශම හතරක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබෙන බව සාක්කිකාර ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුකුමාර් සඳහන් කරයි.

ඒ ශ්‍රීලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා කේටරින්, මිහින් ලංකා ආයතනවල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (06) සාක්ෂි දෙමින්ය.
 අදාළ ලේඛන ගත තොරතුරු කොමිසම හමුවේ පවසමින් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙතරම් විශාල භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ලබාදීමට උපදෙස් දුන්නේ කවුරුන් දැයි ලේඛනගතව නොමැති බවත් සඳහන් කර තිබේ.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාර තිරුකුමාර් මහත්මිය ලේඛනගත‍ මෙම තොරතුරු අනාවරණය කළ වහාම අතිරේක සොලිසිටර් ජනරාල් උනම්බුව මහතා සාක්ෂිකාරියට දැනුම් දුන්නේ ඊට අදාළ ලේඛන සොයා කොමිසමට ඉදිරිපත් කරන ලෙසය.

අදාළ ලේඛන සොයා ගන්නා ලෙසටත් ඒ සඳහා ප්‍රමාණවත් කාලපරාසයක් කොමිසම ලබාදෙන බව මෙහිදී කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සාක්ෂිකාරියට සැලකරමින් නියම කළේ නැවත කොමිසම කැඳවූ වහාම එම ලේඛන සමඟ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.

කෙසේ වුවත් සාක්ෂිකාරිය ලේඛනගතව පවතින තොරතුරු කොමිසම හමුවේ ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් අතර එහිදී  වසර 2011 රුපියල් බිලියන දහහතරයි දශම දෙකක, වසර 2012 රුපියල් බිලියන දොළහයි දශම හයක, වසර 2013 රුපියල් බිලියන දහනවයයි දශම පහක භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කර ඇති බව අනාවරණය විය.

එසේම වසර 2007 සමාගම් පනත යටතේ ලියාපදිංචියේදී ප්‍රකාශ කළ ප්‍රාග්ධනයද අඩුවී ගොස් තිබෙන බැවින් විශාල ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳවත් අධ්‍යක්ෂ මණ්ඩල තීරණ සටහන්වලින් දක්වා ඇති බවද අනාවරණය වී ඇත.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරු ඇතුළුව ශ්‍රී ලංකා ගිණුම් හා විගණක ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ගීගනගේ මෙනෙවියගෙන් හෙබි ශ්‍රීලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා කේටරින්, මිහින් ලංකා ආයතනවල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂිකාරිය සාක්ෂි දුන්නාය. ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ෆස්ලි රසික්, රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහත්වරු කොමිසමට සහාය දැක්වීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න