මේ ප්‍රශ්න දෙක විසඳන්න හැකි නම් මා හමුවන්න - ජනාධිපති 

මේ ප්‍රශ්න දෙක විසඳන්න හැකි නම් මා හමුවන්න - ජනාධිපති 

රට මුහුණ දුන් මෙතෙක් ගැටළු  සඳහා නිසි විසදුම් ලබා ගැමට යෝජනා ඉදිරිපත් කරන ලෙසට තමන් රටේ සියළුම විද්වතුන්ගෙන් , දේශපාලාඥයින්ගෙන් සහ ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06)  කොළඹ බන්ඩාරනායක ජත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති  ජාතික  තිරසර කතිකාවත සඳහා වු කෙටුම්පත එළිදැක්විමේ උත්සවය අමතමින්ය.

එහිද ජනාධිපතිවරයා රට තුල තිබේන මෙතෙක් නොවිසිදුනු ගැටළු දෙකක්ද  ඉදිරිපත් කළේය.

ඒ  අලි මිනිස් ගැටුම සහ දෛනික ආහාර නිෂ්පාදනයෙන් 35%ක් වන සතුන් විනාශ කිරිම ය.

මේ සදහා විසදුම් ලබා දිය හැකි ඕනෑම කෙනෙකුට තමන් සමඟ සාකච්ඡා කිරිමට අවස්ථාව ලබා දෙන බවද ජනාධිපතිවරයා එහිදි පැවසීය.

තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම යනු රටත්, ජාතියත් ජයග‍්‍රහණය කරා ගෙනයාම වන බවත්  ජාතියේ ඒ  හෙට දවස වෙනුවෙන් මෙම  වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වන ලෙසද සියලූ දේශපාලන නායකයින්ට, විද්වතුන්ට, පෞද්ගලික අංශය, ව්‍යාපාරිකයින් ඇතුළු  සියලූ ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් වෙත සහ පාසල් දරුවන් ඇතුළු  සමස්ත පුරවැසියන්ට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම තිරසර සංවර්ධන කතිකාව විවේචනයට, සංවාදයට සහ සාකච්ඡාවට  විවෘත වන බවත්  විවේචන සතුටින් භාරගන්නා නමුත් අවශ්‍ය වන්නේ විසදුම් සහ කි‍්‍රයාත්මක කළ හැකි යෝජනා සහයෝගය සහ සහභාගිත්වය බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා මොරගහකන්ද - ක`ථ`ගග මහා වාරි ව්‍යාපෘතියට සමගාමීව සිදු කෙරෙන වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සදහා සිය දායකත්වය සැපයීමට මව් රටට පැමිණෙන ලෙස විදෙස්ගතව සිටින සියලූ ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවන්ට ආරාධනා කළේය.

විදෙස්ගතවීමට සූදානමින් සිටින ඉංජිනේරුවන් වෙත ද විවෘත ආරාධනාවක් සිදු කළ ජනාධිපතිතුමා කියා සිටියේ  රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට තව වසර කිහිපයක් හෝ මවු බිමේ රැුදී සිටින ලෙසයි. 

පාසල් දරුවන් නියෝජනය කරමින් දරුවන් කිහිප දෙනෙකු වෙත තිරසර සංවර්ධන කතිකාවට අදාළ කෙටුම් පත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු මැති ඇමතිවරුන් ද, හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා ඇතුලු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන් සහ විදෙස් නියෝජිතයන් ද, තිරසර සංවර්ධනය පිළිබ`ද ජනාධිපති විද්වත් කමිටුවේ ප‍්‍රධානී මහාචාර්ය මොහාන් මුණිසිංහ මහතා ඇතුලු එහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න