ජනාධිපතිගේ කතාවට මරික්කාර්ගෙන් උත්තරයක්  !

ජනාධිපතිගේ කතාවට මරික්කාර්ගෙන් උත්තරයක්  !

මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීම කැබිනට්  මණ්ඩලයේ   අනුමත කිරීමට ඉඩ නොදෙන බවට  ජනාධිපතිතුමා පැවසුවද එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් යෝජනාවක්  නොමැතිව අනුමත නොකර සිටීමට දෙයකුත් නැති බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර සිටියේ ඊයේ (06) පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පවසා ඇත.  ‘‘ මේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවිම පිළිබඳව කැබිනට්  මන්ඩලයේදි  අනුමත වෙන්න දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. එහෙම යෝජනාවක් ආවොත් තමයි  අනුමත වෙන්න නොදී ඉන්න  ඕනෑ. එහෙම යෝජනාවක්  නැත්නම්  අනුමත නොකරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා එවැනි  තීරණයක ඉඳම පිළිබඳවත් අපි සතුටු වෙනවා.

දැන් ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 97 000යි. හැබැයි  නිල නිවාස, නිල වාහන, ඉන්ධන ඇතුලූ දීමනා සියල්ලක්ම ලැබෙනවා. මන්ත්‍රීවරුන්ට මේ සියල්ලක්ම නැහැ. උදාහරණයක් විදියට පිබිදෙමු  පොළොන්නරුව වැඩසටහනට මම ගියා. මම යනවිට  යන්න  ඕනෑ මගේ පෞද්ගලික වාහනේ මගේ වාහනේට තෙල් ගහන්න  ඕනෑ මම. මගෙත් එක්ක යන අයට නවාතැන් සපයා ගන්න  ඕනෑ මම. ආහාර පාන සපයලා දෙන්න  ඕනෑ මම. එහෙම ගැටලූත් තියෙනවා. 

බදු බර වැඩිවෙලා තියෙනවා,  ණය බර වැඩවෙලා තියෙනවා, ජීවන වියදම ඉහල ගිහින් තියෙනවා. ඒ නිසා ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දි දේශපාළඥයන් පටි තදකරගෙන  කොහොම හරි ඒකට මුහුන දෙන්න  ඕනෑ. ඒ ආදර්ශය අපි ලබා දෙන්න   ඕනෑ.‘

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න