යුද හමුදාවේ සියදෙනෙකුට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක් ලබාදීමට සාකච්ඡා පවත්වමින් යන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන්කර සිටියි.
ඔහු මේ බව කියා සිටියේ හමුදාවට දුම්රිය ධාවනය පුහුණු කිරීමට ඉන්දීය දුම්රිය රියදුරන් ලංකාවට ගෙන්වීමට යන බවට ලැබුණු තොරතුරක් සම්බන්ධව විමසීමේදී ඊට ප්‍රතිචාර දක්වමින්ය.
හමුදාවට ලබාදීමට නියමිත දුම්රිය රියදුරු පුහුණුව ඉතා කඩිනම් ලෙස සිදු කරීමට ද සැලැසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

