රටවල් 10 ක් සඳහා නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බව නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදි හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා දන්වා ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
ශ‍්‍රී ලංකාවේ විදේශ පිළිවෙත සියලූ ජාතින් සමග මිත‍්‍රත්වය පවත්වා ගැනීම බවත්, යම් හේතුවක් මත එම ද්විපාර්ශ්වික මිත‍්‍රත්වයට පළුද්දක් ඇතිවී තිබේ නම් එය වහාම නිවැරදි කිරීම ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින්ගේ වගකීම බවත් ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කල බවද එහි සඳහන්ව ඇත.
රටවල් 10ක් සඳහා පත්කර තිබෙන නව තානාපති සහ මහකොමසාරිස්වරුන් මෙසේය.
නොර්වේ රාජ්‍යයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය
රුසියාවේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ආචාර්ය දයාන් ජයතිලක
බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස එම්.එම්. ජෆීර්
කැනඩාවේ ශ‍්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා ලෙස එම්.ඒ.කේ. ගිරිහාගම
පෝලන්තයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස සී.ඒ.එච්.එම්. විජේරත්න
ස්වීඩනයේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ගනේගමආරච්චි
වියට්නාමයේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. පේ‍්‍රමවර්ධන මහත්මිය
දකුණු අප‍්‍රිකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස අනුරුද්ධ කුමාර මල්ලිමාරච්චි ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස ඔස්ටින් ප‍්‍රනාන්දු
පකිස්ථානයේ නව මහකොමසාරිස්වරයා ලෙස නූර්දීන් මොහොමඞ් ෂහීඞ්

