සිරිපාලගෙන් "මරු" ගැසට් එකක් !

සිරිපාලගෙන් "මරු" ගැසට් එකක් !

පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් පැදවීමට විශේෂ පිටසනක් (endorsement) ලබා ගත යුතු බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අනුව  මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියැදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ පිටසන හැර, එකී නියෝජ අදාළ වන්නා වූ කිසිදු තැනැත්තෙකු විසින් පොදු සේවා මෝටර් ට්‍රයිසිකලයක් පැදවීම නොකළ යුතුය.

එමෙන්ම  අදාළ තැනැත්තන් අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු බවත්, මෝටර් ට්‍රයිසිකල් ධාවනය සඳහා රියැදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතු බවත් එහි සඳහන්ය.

තවද  වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම, මෙම විශේෂ පිටසන ලබා ගැනීම සඳහා අනිවාර්ය කර තිබේ.

නමුත් මෙම නියෝග ක්‍රියාත්මක වන දිනයක් ගැසට් නිවේදනයෙහි සඳහන් වන්නේ නැත.

sripala gesat

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න