දුම්රියේ මාසික වැටුපට කෝටි 100ක් !

දුම්රියේ මාසික වැටුපට කෝටි 100ක් !

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් හා විධායක තනතුරු ආවරණය කරන ඇතැම් නිලධාරීන් පවා තමන්ට හිමි නොවන අතිකාල පවා උපායශීලිව ලබාගැනීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික වැටුප් සඳහා පමණක් රුපියල් කෝටි 100ක මුදලක් වැය වන බව වාර්තා වේ.

විශේෂයෙන්ම දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක, පරිපාලන නිලධාරි, දිස්ත්‍රික් යාන්ත්‍රික පරීක්ෂකවරුන් මෙන්ම විධායක තනතුරු ආවරණය කරන නිලධාරීන්ට අතිකාල හිමි නොවන නමුත්, මේ වන විට සහකාර වාණිජ අධිකාරි, සහකාර ප්‍රවාහන අධිකාරි වැනි තනතුරු ආවරණය කරන පහළ ශ්‍රේණි නිලධාරීන් විසින් තමන් ආවරණය කරනු ලබන නිලයේ සියලු වරප්‍රසාද ලබාගනිමින්ම, අනෙක් පහළ ශ්‍රේණිවල අතිකාල ලබාගැනීම නිසා මේ සා විශාල මුදලක් මාසික වේතන සදහා වැය කළ යුතුව ඇති බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් හා ස්ථානාධිපතිවරුන්ද තම සේවා මුරය ආරම්භ කරන මොහොතේ පටන්ම අතිකාල ලබාගැනීමේ පවතින ක්‍රමවේදය නිසාද අතිවිශාල මුදලක් වැය කිරීමට සිදු වන බව දුම්රිය ආරංචි මාර්ග පවසයි. දිනයේ පැය 8ක සේවා කාලය ඉවත් කර සේවය කරන සෙසු අමතර කාලයට අතිකාල ලබාගත යුතු නමුත් පැය 8ක සේවා කාලයවත් ආවරණය නොකර අතිකාල ලබාගැනීම හේතුවෙන් මෙසේ දුම්රිය දෙපාර්තමේන්තුව අතිවිශාල පාඩු ලබන ආයතනයක් බවට පත්ව තිබේ.

පසුගිය වසරේ දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 700ක පාඩුවක් ලබා ඇති අතර, මේ වසරේ මුල් මාස 6 තුළ පමණක් සේවකයන් 15,414ක් සිටිනා දෙපාර්තමේන්තුවට වැටුප් සඳහා රුපියල් කෝටි 450.6ක් වැය කරන්නට සිදුව ඇති අතර ඒ වැටුප් සඳහා විශේෂ ව්‍යාපෘති සඳහා සහභාගි වීම් සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා වන ගෙවීම් ද අඩංගුව නැත. ලක්ෂ දෙකකට වඩා මාසික වැටුල් ලබා ගන්නා රියැදුරන්, නියාමකවරුන් ඇතුළු නිලධාරීන් තවත් ඉහළ වැටුල් ඉල්ලන්නේ තම අතිකාල පැයට පැය එකහමාරක අතිවිශාල මුදලක් ලබාගැනීමට බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි. එමෙන්ම රියැදුරන් හා නියාමකවරුන්ගේ සේවා මුර ඔවුන් විසින් සකස් කරගන්නේ තමන්ට වාසිදායක වන අයුරින් බවත්, ඉරිදා දිනයක සේවයට වාර්තා කළ හොත් සෙනසුරාදා වන තෙක්ම නිවාඩු දින ලෙස අතිවිශාල මුදලක් ලබාගැනීම නිසා දෙපාර්තමේන්තුවට මෙවන් අතිවිශාල වැය බරක් දරන්නට සිදුව ඇති බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න