බන්ධනාගාරයේ වහළට නැග්ගට කරන්න දෙයක් නෑ - තලතා (වීඩියෝ)

බන්ධනාගාරයේ වහළට නැග්ගට කරන්න දෙයක් නෑ - තලතා (වීඩියෝ)

කොතරම්  විරෝධතා දැක්වුවද පිළිවෙලකට කටයුතු කරනවා හැර වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග කාන්තා රැදවියන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් අද  (13) පෙරවරුවේ නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය,

"වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් යන පිළිවෙළට යනවා මිසක් අපිට වෙනසක් කරන්ඩ බැහැ. ඕන කෙනෙකුට උද්ඝෝෂණය කිරිමේ අයිතිය අද මේ රටේ ඇති කරලා තියෙනවා.උද්ඝෝෂණය කරපුවාම වෙඩි තියන්නේ නැහැ ඉස්සර වගේ.

කවුරුත් අද මේ රටේ පිළි අරගෙන තියෙනවා බන්ධනාගාරය තුළ තවමත් නීති විරෝධී වැඩ කටයුතු කෙරෙනවා කියලා .ඒක මම කොහොම හරි පාලනය කරනවා" යැයිද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න