කථානායකවරයා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විපක්ෂය ලෙස පිළිගැනීමට සූදානම් නොමැති නම් කථානායකවරයා පිළිනොගෙන සිටීමට තමන්ට සිදුවන බව පිවිතුරු හෙළ උරුමය පවසයි.
අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු සම්ප්‍රධානය අනුව කථානායකවරයා පිළිගත යුත්තේ පක්ෂ නොව කණ්ඩායම් බවත් 2004 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වී ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායම විපක්ෂයට ගියවිට එවකට කථානායකවරයා ඔවුන් වෙනම කණ්ඩායමක් ලෙස පිළිගත් බවද ඔහු එහිදී පැවසීය.
තවද වත්මන් පොලිස්පතිවරයා දේශපාලනයේ නිරතවන බවට තමා සතුව සාක්ෂි පවතින බවත් ෆේස්බුක් ගිණුම්වල වර්ගීරණය අනුව වත්මන් පොලිස්පතිවරයාගේ ෆේස්බුක් ගිණුව ඇත්තේ දේශපාගඥයින්ගේ වර්ගීකරණය යටතේ බවද ගම්මන්පිළ මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පොලිස් නිල ඇඳුමින් දේශපාලනය සිදු කිරීම සම්බන්ධයෙන් වත්මන් පොලිස්පතිවරයාට දඬුවම් කළ යුතු බවත් එතුමා නොදැන මේ කටයුත්ත සිදුවනවා නම් එය සිදු කරන පුද්ගලයින්ට නීතිමය පියවර ගතයුතු බවද එහිදී වැඩිදුරටත් ඔහු පැවසීය.

