අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් වශයෙන් උපාධිධාරීන් 200 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව වාර්තා වේ.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් 400 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ විමර්ශන නිලධාරින් 200 දෙනකු පමණකැයි එම කොමිසම පවසයි.
පුරප්පාඩු ලෙස පවතින තනතුරු 200 සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ ලබන මස ආරම්භ කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ පවසයි.
මෙයට අමතරව අල්ලස් හා දූෂණ වැළැක්වීමේ කටයුතු සඳහා සුපිළිපන්න නිලධාරින් වශයෙන් උපාධිධාරීන් 50 දෙනකු බඳවා ගැනීමට ද අල්ලස් කොමිසම කටයුතු කරගෙන යයි.

