මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව දඩ පත්‍රිකාව වර්ජනයක් නොව කිසිදු හේතුවක් නිසා හකුලා නොගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
දඩ පත්‍රිකාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීම් කරන්නේ බස් හිමියන් නොවන බවත්, බස්වල සේවය කරන පුද්ගලයින්ගේ අවශ්‍යතාවය මත කිසි විටෙකත් මෙවැනි තීරණ නොගන්නා බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
තවද ප්‍රවාහනය තුළ සැබවින්ම විනයක් පැවතිය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේදී අවශ්‍ය නම් වෙනත් පනතක් මඟින් එය සංශෝධනය කළ ගත හැකි වුවත් වත්මන් රජය එවැනි කිසිදු තීරණයකට එළඹෙන්නේ නැති බවද අවධාරණය කර ඇත.
කෙසේ වෙතත් අද බස් වර්ජනය සමස්තයක් ලෙස අසාර්ථක වුවත් ඇතැම් ප්‍රදේශවල ජනතාව මෙයින් පීඩාවට පත්ව ඇති බව වාර්තාවන බව සඳහන් කර ඇති අමාත්‍යවරයා එම ප්‍රදේශ වලට අද රාත්‍රියේ සිට හමුදා බස් රථ ධාවනයට එක් කරන බව ද පවසා ඇත.

