කොළඹ නගරයේ තිබෙන දෙමළ මාධ්‍ය කුඩා පාසල් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක‍්‍රිෂ්ණන් පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන්කර ඇත්තේ රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර හින්දු විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අවස්ථාවේ මාධ්‍යවෙත අදහස් දක්වමින්ය.
දිවයිනේ තිබෙන සියලූම කුඩා පාසල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම කටයුතු සිදුකරන බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇති අතර පසුගිය ආණ්ඩු වලින් අවධානය යොමු නොවු, මේ දක්වා සංවර්ධනය නොවුණු දිවයිනේ කුඩා පාසල් කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් එම පාසල් කඩිනමින් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් පවසා ඇත.

