පැහැරගත් නමුත් ඝාතනය නොකළාට : ස්තුතියි මහින්ද මහත්තයෝ - අජිත්

පැහැරගත් නමුත් ඝාතනය නොකළාට : ස්තුතියි මහින්ද මහත්තයෝ - අජිත්

දස අවුරුද්දකට ඉහතදී ‘ද නේෂන්’ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ පැහැරගෙන ගොස් පහර දුන් කණ්ඩායම් පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හට අවබෝධයක් තිබු බවත්  කීත් නොයාර්ව මරපු නැති එක ගැන අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපේ ස්තූතිය පුද කරන බවත්  එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි. 

එසේම දියත්ව තිබෙන වර්ජන රැල්ල පිටුපස ඒකාබද්ධ විපක්ෂය මූලික කරගත් දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(16) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින්  රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර රට අරාජික කරමින් ආන්ඩුව කෙරෙහි ජනතාව බිඳ වැට්ටවිම මෙහි උපක‍්‍රමය බවත් සඳහන් කර ඇත.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ  රාජ්‍ය අමාත්‍යවරයා,

 ‘‘ ජාතික රජයට  වසර 03ක් උදාවෙන මොහොතේදි අපි එය  සමරන්නත්, එම කාළය දෙස ආපසු හැරි බලන්නත් රජයක් ලෙස අපි කටයුතු කරනවා. එදාට වඩා අද ඔබට, ඔබේ පවුලට, රටට හොදයිද කියන ප‍්‍රශ්ණය අපි අහනවා. ඒ ප්‍රශ්නයට  ඔව් කියළා පිළිතුරක් ලැබෙනවා නම් මේ රජය සාර්ථකයි.

එදාට වඩා අද හොඳයිද කියන ප‍්‍රශ්නය අපි අහද්දි මාධ්‍යවේදීන්ට මේ ප්‍රශ්නය තේරෙන්නේ එක විදියකට,  වෘත්තිකයට පේන්නේ තවත් විදියකට, වැඩකරන කම්කරුවට, ගොවියට, ධිවරයට පේන්නේ තවත්  විදියකටයි, දේශපාළඥායන්ට,  සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්ට තේරෙන්නේ  තවත් විදියකටයි. ඒ වගේම රජයේ සේවකයන් ඇතුලූ අනිකුත් අයට තේරෙන්නේ තවත් විදියකටයි.

මාධ්‍ය නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධානතම කුළුණක් !

රටක මාධ්‍ය නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධානතම කුළුණක්.  ඒ නිසා මාධ්‍යයට සුවිශේෂි තැනක් හිමිවනවා. අපි මෙම වසර තුන  ඇතුළත සම්මත කරගත් 19 වන ආණ්ඩුක‍්‍රම වයවස්ථා සංශෝධනය හරහා තොරතුරු දැනගැනිමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කලා. එය අපි ලබපු ජයග‍්‍රහණයක්.

ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබද තියෙන රහස් තොරතුරු හැරෙන්න  ඕනැම  රාජ්‍ය ආයතනයක තියෙන  ඕනෑම තොරතුරක් දැනගැනිමේ අයිතිය අද මාධ්‍යවේදියාට තියෙනවා.  එදාට වඩා ඒක හොද නැද්ද කියලා අපි මාධ්‍යවේදීන්ගෙන් අහනවා.

අද මේ රටේ  රාජ්‍යකරණය  තුළ මේ ඇතිවෙලා තියෙන විනිවිද භාවය මේ රටේ මාධ්‍ය සහ පුරවැසියා දිනා ගත්ත ප‍්‍රධාන අයිතියක් වනවා. ඒ නිසා 2014  රාජපක්ෂ පාළනය තිබුනට වඩා මාධ්‍යකරුවන්ට, රටේ ජනතාවට  අද හොදයි.

එදා මාධ්‍යකරුවන්ව මරලා දැම්මා. ලසන්ත වික‍්‍රමතුංගව ඝාතනය කලා. උපාලි තෙන්නකෝන්ට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල වුනා. පෝද්දල ජයන්තගේ කකුල් කඩලා සදාකාලික අබ්බගාතයෙක් කලා. නේෂන් පුවත්පතේ  කීත් නොයාර් පැහැරගෙන ගිහින් වධ හිංසා දිලා මරන්න ඔන්න මෙන්න  තියෙද්දි කතානායක කරූ ජයසූරිය  මැතිතුමා මහින්ද රාජපක්ෂ මහතාට කථා කරලා එතුමන්ව බේර ගත්තා.

මේ දවස්වල මහින්ද රාජපක්ෂ  මහතාට මේ ගැන කටඋත්තරයක් දෙන්න වෙලා. මේ රටේ දේශපාලනය  තුළ ඇති නැති සියලූ දෙනා රටේ නීතියට යටත් වනවා.  ඒ නිසා පොලිසියෙන් කටඋත්තරයක් දෙන්න  ඕන කිවුවම කට උත්තරය දෙන්න  ඕන.

මාධ්‍යවේදීන් රට හැර ගියේ ඇයි ?

මාධ්‍යවේදීන්ට  ගුටිකන්න, මැරුම් කන්න රට දාල යන්න සිද්ද වුනේ රාජපක්ෂ පාළණය නිසයි. මේ අවුරුදු  තුනට කිසිම මාධ්‍යවේදියෙක් ගුටිකෑවෙත් නැහැ. මැරුනෙත් නැහැ. ඒ නිසා මාධ්‍යකරුවන්ට එදාට වඩා අද හොදයි.

මේ මාධ්‍ය කෙරෙහි තිබෙන රාජපක්ෂ රෙජීමයේ ආකල්පය තවමත් තියෙනවා.  මේ රටේ තිබෙන ප‍්‍රමුඛතම  මාධය ආයතනයකට ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවක්  වාර්තා  කිරිමට පසුගියදා ඉඩ දුන්නේ නැහැ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? මාධ්‍ය  නිදහසද කියලා අපි ඒ අයගෙන් අහනවා. 

මේ අය විපක්සයේ ඉන්න විට මෙහෙමනම් ආණ්ඩු බලයක් ආවොත් කොහොම  හිටිද කියලා අපි අහනවා. මේක තමයි මේ රටේ පුරවැසියොත් මාධ්‍යයත් තේරුම් ගත යුතු දේ.

අපේ රජය මාධ්‍යයට ලබා දුන් නිදහස මාධ්‍ය ලබාගත් ජයග‍්‍රහණයක්. 2015 අපි ලබාගත් ජයග‍්‍රහණය පිටුපස මේ රටේ මාධ්‍යකරුවන් හිටියා.

ඔවුන්ට  වෙනසක් අවශ්‍ය වෙලා තිබුනා.අපි මේ රටේ මාධ්‍ය කරුවන්ට නිදහස ලබාදිලා තියෙනවා. ඒ මාධ්‍ය නිදහස නිසි ලෙස භාවිතා කරමින් සත්‍ය වාර්තා කරන එක තමයි  ඔබේ වගකිම විය යුත්තේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න