ඊළඟ අගවිනිසුරු කවුද ? : නම් 5ක් දැනටත් කරළියේ !

ඊළඟ අගවිනිසුරු කවුද ? : නම් 5ක් දැනටත් කරළියේ !

මීළඟ අගවිනිසුරුවරයා කවුද යන්න සම්බන්ධව නීති ක්ෂේත්‍රයේ කතා බහක් මතුව ඇත.

ඒ වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්  ලබන ඔක්තෝබර් මාසයේදී විශ්‍රාමයාමට නියමිත නිසාය.

වත්මන් අගවිනිසුරුවරයා වන   ප්‍රියසාද් ඩෙප් ට පසුව සිටින  ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන ඊවා වනසුන්දර වන අතර මීළඟ අගවිනිසුරු ධූරයට ඇය පත්වනු ඇති බවට විශේෂ අවධානයක් යොමුව ඇත.  

ඒ  ඩෙප් මහතා පසුගිය කාලයේ විදේශගතවූ හැම අවස්ථාවකදීම අගවිනිසුරු ලෙස රාජකාරි පවරා තිබුණේද ඊවා වනසුන්දර විනිසුරුවරියට වීම නිසාය.

නමුත් ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාගානන්ද කොඩිතුවක්කු  පසුගියදා පවසා තිබුණේ මිළඟ අඟවිනිසුරුවරයා වන්නේ ජයන්ත ජයසූරිය බවය.  

කෙසේ වුවත් ඊවා වනසුන්දරට  පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් ලෙස  බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන හා සිසිරද ආබෲ යන විනිසුරුවරුන්ද සිටියි.

මේ හමුවේ මීළඟ අගවිනිසුරුවරයා ලෙස ඊවා වනසුන්දර විනිසුරුවරිය පත්වුවහොත් ඇය මෙරට දෙවැනි අගවිනිසුරුවරිය ලෙස ඉතිහාසයට එක්වෙයි.

මෙරට පළමු අගවිනිසුරුවරිය වනුයේ  ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය වන අතර ඇය එම පදවියට පත්වුයේ මෙරට  43 වන අගවිනිසුරුවරයා ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න