ඒකාබද්ධ මාධ්‍ය හමුවෙන් 'සියත' දොට්ට !

ඒකාබද්ධ මාධ්‍ය හමුවෙන් 'සියත' දොට්ට !

ඒකාබද්ධ විපක්ෂය විසින් පෙරේදා (15) දිනයේ පවත්වන ලද මාධ්‍ය හමුවට පැමිණ සිටි 'සියත' මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියේ සියත රූපවාහිනී නාලිකාවට ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සඳහා ආරාධනා නොකල බවයි.

අනාරාධිතව මාධ්‍ය හමුව පෙනීම නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවූ බවද ඔවුන් සඳහන් කරයි.

තවද ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවේ මුදල් සියත නාලිකාවේ ආයෝජනය කර ඇති බවත් ඊට විරෝධය දැක්වීමක් වශයෙන් සියත නාලිකාව වර්ජනය කිරීමේ ප්‍රතිපත්තියක් තම පාර්ශවය අනුගමනය කරන බවත් ඔවුන් සඳහන් කර ඇත.

රාජපක්ෂ මාධ්‍ය මර්දනය 

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන මාධ්‍ය නිදහස වෙනුවෙන් වූ ක්‍රියාකාරීන් සඳහන් කර සිටින්නේ රාජපක්ෂ රෙජීම සමයේ අනුගමනය කළ මාධ්‍ය මර්දන පිළිවෙත ඔවුන් විපක්ෂයේ සිටියද වෙනසකින් තොරව අනුගමනය කරන බව මේ ක්‍රියාව හරහා තහවුරු වන බවය. 

රාජපක්ෂ රෙජීම පාලන සමයේ මාධ්‍ය ආයතන ගිනිතබා විනාශ කරමින්, මාධ්‍යවේදීන් ඝාතනය කරමින් සහ අතුරුදහන් කරමින් මෙන්ම මාරාන්තික පහරදීම් සිදුකරමින් ගෙන ගිය මර්දනයෙන් මිදීමට රාජපක්ෂලා දක්වන මරබිය නිසා ඉදිරියේදී යම් ආකාරයකට ඔවුන් පාලන බලය ලබාගත්තද එකී මර්දනයට නැවත මුහුණදීමට මෙරට මාධ්‍යවෙත සිදුවීම අනිවාර්යයක් බවද මාධ්‍ය ක්‍රියාකාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න