ආණ්ඩුවට වසර 03ක් ගතවන මොහොතේ වෙනස සැපද කියා මහින්ද රාජපක්ෂ අහන්නේ වෙනසේ සැප දරාගන්න බැරිවීම නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටියදී වැරදි කරන පුද්ගලයාගේ ස්වභාවය හෝ තරාතිරම නොබලා එක හා සමානව විනය ක්‍රියාත්මක විය යුතු බවත් එසේ ක්‍රියත්මක නොවීම නිසා ඇතැමුන් තම සීමාව අභිබවා යමින් විවිධ ප්‍රකාශ සිදුකරන බවත් අමාත්‍යවරයා පවසයි.
පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර එම සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.
මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා දැන් මිනිස්සු අහන්නේ වෙනස සැපද කියලලු. ඇත්තටම වෙනස සැපද?
වෙනස සැපයි. මිනිස්සුන්ට වෙනස තේරෙන්නේ නෑ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් වෙනස කොච්චර සැපද කියනවා නම් ඒ වෙනස දරා ගන්නත් බෑ. ඒ නිසා එතුමව ඉස්සර කට්ටිය බොරු කියලා රැවැට්ටුවා වගේ අදත් බොරු කියලා රවට්ටනවා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දහයක් කරන්න බැරිවුණු දේ අපි දැන් කරනවා. ඒ නිසා එතුමට ඒක දරා ගන්න බෑ. ඒ නිසා වෙනස ඇත්තට සැපයි.
මේ ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා අසාධාරණ බදු නිසා ඉන්ධන මිල ඉහළ ගිහින් කියලා. මොකක්ද ඇත්ත ?
අදටත් මහින්ද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙට වඩා තෙල් මිල අඩුයිනේ. මම කියන්නේ නෑ සියල්ලගෙම කියලා. පහුගිය කාලේ වෙනකොට සියලුම තෙල් මිල පහුගිය අපි හිටිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලෙට වඩා අඩුයි. මේ වෙනකොටත් ඩීසල් සහ පෙට්ට්‍රල් මිල පහුගිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙට වඩා අඩුයි. තෙල්වලින් බදු බදු එකතු කළේ ඇයි? බදු අඩු කළේ ඇයි කියලා එතුමා දන්නවා. එතුමා මේ කතා කරන්නේ කොළේ වහලා. ඒ නිසා එතුමාගේ කතා ගැන අපි කලබල විය යුතු නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මේ වන විට ශ්‍රීලනිපයේ කටයුතු ,තීන්දු තීරණ වගේ ම නායකත්වය පවා විවේචනය කරනවා. ඒ අයට විරුද්ධව විනය පියවර ගන්නේ නැද්ද?
මම ඉතාම පැහැදිළිව, ඉතාම දැඩි ස්ථාවරයක ඉන්නවා පක්ෂයක් වුණාම දැඩි ස්ථාවරයක ඉන්න ඕන කියලා. පුද්ගලයාගේ තියෙන ස්වරූපය සහ පුද්ගලයා මත නෙවෙයි පක්ෂයේ විනය තීන්දු වෙන්න ඕන. පක්ෂයටයි විනය තියෙන්න ඕන. ඒ විනය කවුද කඩන්නේ කියන එක එයා ලොකුද පොඩිද ජ්‍යෙෂ්ඨද තරුණද වයසද අලුත්ද කියන කාරණය නෙවෙයි පක්ෂයේ විනය හැමෝටම ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා. ඒ විනය කවුරුහරි කඩනවා නම් හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා. පහුගිය කාලේ ඒක වුණෙත් නෑ. මේ වෙනකොටත් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නෑ.
ඒක ඉතින් පක්ෂයට ප්‍රශ්නයක් නෙවේද ?
ඒක තමයි මේ කියන්නේ. විනය ක්‍රියාක්මක වීම නිසි පරිදි සිදු නොවන නිසාම තමයි සමහරු විශාල හයියක් අරගෙන සමහර වෙලාවට සමහරු ජ්‍යෙෂ්ඨයි කියලා හිතාගෙන බොහෝ දේවල් කතා කරන්නේ. මම කියන්නේ ඉදිරියේ දී පක්ෂ විනය හැමෝටම සර්ව සාධාරණ විදිහට ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒක තමයි නිවැරදි දේ.
රටේ නීතිය ක්‍රියාත්මක වීමත් නිසි පරිදි සිදුකරන්නේ නෑ කියලා තමයි ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා නේද?
මම හිතන්නේ හොරු ඇල්ලීම පිළිබඳ රටේ ජනතාවට පිළිගත හැකි කාරණා කීපයක්ම තියෙනවා. අපි හොරු අල්ලනවා කියලා ආපු කාරණාවක්නේ. දැන් බලන්න අපේ ආණ්ඩුවට බැඳුම්කර සම්බන්ධයෙන් චෝදනාවක් ආවා. එතනදි රජයේ ස්ථාවරයට අනුව තමයි ජනාධිපති කොමිසමක් හරහා පරීක්ෂණයක් පවත්වලා දැන් කීපදෙනෙක් අත්අඩංගුවට අරගෙන ඉන්නේ. ඒ වගේම ඉදිරි පරීක්ෂණත් ක්‍රියාත්මකයි. ඒ වගේම ජනාධිපතිතුමාගේ කාර්යමණ්ඩල ප්‍රධානියටත්, තවත් සංස්ථාවක සභාපතිවරයෙකුටත් චෝදනාවක් ආවා. ඊට පස්සේ අර මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ ෆයිල් අතේ තියාගෙන, ගියොත් බලාගෙනයි කියලා කෑ ගැහුවේ නෑ. වරදක් වුණා කියලා හෙළි වුණාම ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ පරීක්ෂණ ඉදිරියට යන්න අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඉන්නවා.
ඒ කියන්නේ දැන් නීතිය සාධාරණව ක්‍රියාත්මකයි ද?
ඔව්. මම කලින් කීවේ. ජනාධිපතිතුමාගේ ළඟම නිලධාරියෙක් වරදක් කළා කියලා පරීක්ෂණ යට ගහලා නෑනේ. අදටත් ඒ අය රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඒක තමයි වෙනස. රටේ නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙනවයි කියලා කියන්න තවත් සාක්ෂි මොකටද ?
එතකොට කලින් හොරකම් කළා කියලා එල්ල කරපු චෝදනා ?
ඒ ගැන ජනතාව අපිට ඇඟිල්ල දිගු කරනවා තමයි. මොකද ජනතාව බලාපොරොත්තු වුණා මේ හොරුන්ට දඬුවම් ඉක්මනට ලැබෙයි කියලා. මෙතන වෙලා තියෙන්නේ මේ අය ඉතා සූක්ෂ්ම සැලසුම් සකස් කරලා තමයි මේ හොරකම් කරලා තියෙන්නේ. මොකද ගමේ ගොඩේ ඉන්න හොරුත් අහුවෙන්න හොරකම් කරන්නේ නෑනේ. මේ අය ඉතින් වෘත්තීය මට්ටමෙන් සැලසුම් කරලයි මේ වැඩේ කරලා තියෙන්නේ. රටේ නීතිය අනුව මූල්‍යමය වංචා පිළිබඳ කොහොමද පරීක්ෂණ කරන්නේ කියන කාරණාව පිළිබඳවත් වැඩියෙන් කතාකරන්න ගත්තෙත් මේ ආණ්ඩුවනේ. ගිය ආණ්ඩුවේ එහෙම කතා කළේ නෑනේ. සීයට පහේ දහයේ කොමිස් ගැන කතා කළාට ඒ ගැන හොයන ක්‍රමයක් තිබුණේ නෑනේ. මේ ආණ්ඩුව තමයි ඒ ගැන නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ.
ඉතින් ඇයි නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙන්නේ?
මේ මහා පරිමාණ හොරු නීතියේ තියෙන කුඩා අවස්ථා පාවිච්චි කරලා නීතියෙන් රිංගලා යනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ එකවුන්ට් එකේ මිලියන ගාණක් තියෙනවා. නාමල් මහත්තයා කියනවා ඒක මම දන්නේ නෑ කියලා. බැසිල් මහත්තයාගේ ඉඩමක් තියෙනවා. මන්දිරයක් ඉදිවෙලා තියෙනවා. වැඩකරපු බාසුන්නැහේ පවා කියනවා, නැකත් හදපු කෙනා පවා දන්නවා. හැබැයි බැසිල් මහත්තයා කියනවා එයා දන්නේ නෑ කියලා. ඒ වගේමයි කතරගම මාළිගාව. අල්ලපු වත්තේ මනුස්සයාත් දන්නවා මේක කාගෙද කියලා. ලයිට් බිල්, වතුර බිල් පවා ඇවිත් තියෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා එයා දන්නේ නෑ කියලා. ඕක තමයි වෙන්නේ. නමුත් මේ සියලු චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා. ඔවුන්ට දඬුවම් දීම් සිදුවෙනවා. නමුත් අපි ඒක කරන්නේ විනිවිදභාවයකින් යුතුවයි.
පහුගිය දවසක එ්කාබද්ධ විපක්ෂයෙන් ඔබට චෝදනාවක් කළා මල්වතු ඔය ආශ්‍රිත යම් යම් ජාවාරම්වලට ඔබ සම්බන්ධයි කියලා. ඒ ගැන මොකද කියන්නේ ?
ඒක තමයි මම මුලින්ම කිව්වේ. මේ අයට දැන් මේ වෙනස දරා ගන්න බැරිවෙලා තියෙනවා. ඔවුන් ඒකයි ඒ දේවල් ප්‍රකාශ කරන්නේ. මල්වතු ඔය ආශ්‍රිතව අපි සිදුකළේ ගංවතුර අවදානම පාලනය කිරීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු පමණයි. මොකද ගංවතුර තත්ත්වයක් ඇති වුණාම අනුරාධපුර නගරවාසීන් විශාල පීඩාවකට පත්වෙනවා. ඒ නිසා ගංවතුර අවදානම පාලනය කිරීම් වෙනුවෙන් තමයි මල්වතු ඔය ආශ්‍රිත යම් යම් පිළිසකරකිරීම් සිදුකළේ. මේ පිළිසකර කිරීම් සඳහා අපි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඉන්න කාලෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා කටයුතු කළා. නමුත් එතුමාට ඒක කරගන්න බැරිවුණා. එතුමාට කරගන්න බැරිවුණු දේ දුමින්ද දිසානායක කරද්දි ඒ අයට දරාගන්න බෑ. ඒකයි මම මුලින්ම කිව්වේ මේ අයට මේ වෙනස දරාගන්න බෑ කියලා.
යහපාලන රජයේ හිටියාට අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අතර ගැටුමක් තියෙනවා කියලා කතාවක් තියෙනවා නේද ?
නෑ. ඒක කතාවක්ම විතරයි. මොකද මේ කතා කියන අය යහපාලන රජයේ ඉන්න අපි අතර ඇති අවබෝධය අවබොධ කරගෙන නෑ. අපි කටයුතු කරන්නෙ පහුගිය කාලේ අර දෑත් ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට එකතුවුණු පිරිස කළ ආකාරයෙන් නොවෙයි. අපි අද ජාතික ආණ්ඩුවේ කටයුතු කරන්නේ පනහට පනහ අයිතියක් ඇතිව. ඒ නිසා කවුරු හරි කියනවා නම් ජාතික ආණ්ඩුව ඇතුළේ ගැටුමක් තියෙනවා කියලා ඒක බොරුවක්. අපි රට වෙනුවෙන් ගත යුතු වැදගත් තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කරනවා. එ සාකච්ඡාවලදි අපි දෙගොල්ලන්ගෙම මත ඉදිරිපත් වෙනවා. ඒ පිළිබඳ අපි සාකච්ඡා කරනවා. එතකොට තමයි නිවැරදි දේ ඉදිරියට ගෙන එන්න පුළුවන් වෙන්නේ. අපේ සාකච්ඡාව තමයි මේ අය ගැටුමක් විදියට අර්ථකථනය කරන්නේ. එහෙම නැතිව වෙන කිසිම ගැටුමක් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතරේ නැහැ. ඒ වගේම තමයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතරත් කිසිම ගැටුමක් නැහැ .ඔවුන් අවබෝධයෙන් යුතුව තමයි කටයුතු කරන්නේ.
[දිලංක ගුණතිලක]

