ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් වගේම  ශිෂ්ඨ සම්පන්න වාර්තාකරණයක්ද අවශ්‍යයි - පාඨලී

ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් වගේම  ශිෂ්ඨ සම්පන්න වාර්තාකරණයක්ද අවශ්‍යයි - පාඨලී

ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක්, ශිෂ්ඨ සම්පන්න මිනිසුන් මෙන්ම ශිෂ්ඨ සම්පන්න වාර්තා කරණයක් අද රටට අවශ්‍ය බවත් එය ඉදිරි තීරණාත්මක මැතිවරණයක් හමුවේ තීරණාත්මක අදහසක් වනු ඇති බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම  අදහස් පළ කර සිටියේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගොඩනැගිලි ඉදිකිරීම්, ඉඩම් අනුබෙදීම් හා වෙනත් අනුමැතීන්ට අදාල ගැටළු සහ ඉඩම් සම්බන්ධ ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමේ මහජන ජංගම සේවයට සහභාගී වෙමිනි. 

මෙම මහජන ජංගම සේවය ඊයේ (16) දින කුරුණෑගල මිහිඳු මාවත වාහන නැවතුම් අංගනයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

අප විසින් මුළු රටේම හදල තිබෙන ජාතික භෞතික සැලසුම අනුව කොළඹ, කුරුණෑගල, ති‍්‍රකුණාමලය කලාපයන් ඇතුළත් මහාමර්ගය සහ අවට ප‍්‍රදේශ තමයි රටේ ප‍්‍රධානම ආර්ථික, සමාජීයීය නාගරික කොරිඩෝව හැටියට අපි හඳුනාගෙන තිබෙන්නේ. කොළඹින් ඔබ්බේ සහ ති‍්‍රකුණාමලයෙන් ඔබ්බෙහි ඇති නගරය තමයි කුරුණෑගල. අමුතුවෙන් කිව යුතු නැහැ මෙය අතිවිශාල නගරයක්. හැම පැත්තටම විහිදෙන්න පුළුවන් නගරයක්. ඒ වගේම තව වසරක් දෙකක් ඇතුළත කුරුණෑගල ගැට්ටුවාන ප‍්‍රදේශයට අධිවේගී මාර්ගය එනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා එයත් සමග තව නගර නිර්මාණයක් කරන්න. කුරුණෑගලට පොඩි කඩ මණ්ඩි හදලා වැඩක් නැහැ. කුරුණෑගල මහානගරයක් ලෙස දියුණු කරන්න අපි සැලසුමක් හදලා තිබෙනවා. ඒ සඳහා ජනතාවගේ අදහසුත් රැගෙන ආධාර කණ්ඩායම්වලට ඉදිරිපත් කර තිබෙනවා.  අපි බලාපොරොත්තුවනවා එම ආධාර කණ්ඩායම්වල අනුහසින් උපාය මාර්ගික ප‍්‍රධාන නගරයක් හැටියට කුරුණෑගල නගරය ගොඩනගන්න.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා පවසා සිටියේ, දේශපාලනයේ පිටිනුත් ගහනවා ඇතුළතනිත් ගහනවා. ඔය වගේ දේවල් දේශපාලනයේ සිදුවෙනවා. විශේෂයෙන්ම ලංකාවේ පසුගිය දශකයේ සෑහෙන දුරට දේශපාලන සදාචාරය පිරිහී ගොස් තිබෙනවා. මඩ ප‍්‍රහාර එල්ල කරන්න, ඒ සඳහා ඇතැම් ජනමාධ්‍යවල වාර්තාකරණයනුත් බලපාල තිබෙනවා. වැදගත් දෙයක් කිව්වොත් එය පළ කරන්නේ නැහැ. කාට හරි කුණුහරුපයක්, දෙපැත්ත කැපෙන කතාවක් කිව්වොත් එය පළ කරනවා. සමාජ වෙබ් අඩවි ජාල නිසත් මෙය සිදු වී තිබෙනවා. මුළු රටේම යම් සදාචාරාත්මක පිරිහීමක් ඇති වී තිබෙනවා මේ වාර්තාකරණය පැත්තෙන් සහ අනෙකුත් කාරණා පැත්තෙන් බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න