සමහර අය අවුරුදු 20 ක් තිස්සේ නොකරපු දේ අවුරුදු 3 න් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන නමුත් 1994 සිට 2014 දක්වා නොකළ වැඩ කොටසක් පසුගිය අවුරුදු තුන තුළ රත්නපුර දිස්ත්‍රික්කයට කර ඇති බවට තමන් අභියෝග කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.
එසේම සුදු වෑන් සංස්කෘතිය මත මර බියෙන් දෙකට තුනට නැවිලා ජීවත් වෙන්න තිබුණු යුගය වත්මන් ආණ්ඩුව අවසන් කර බවද අමාත්‍යවරිය සඳහන් කරයි.
තලතා අතුකෝරළ අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩ සටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර සීවලී ක්‍රිඩාංගණයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
අපි අද ඉතාමත් සන්තෝෂ වෙනවා පසුගිය මහ මැතිවරණයට පෙර ගරු අගමැතිතුමා රටේ ජනතාවට පොරොන්දුවක් වුණා .ඒ තමයි රටේ ජනතාවට තමන් පදිංචි ඉඩමට අයිතියක් නැති මුළු රටේම ජනතාවට උතුරේද දකුණේ ද නැගෙනහිර ද බස්නාහිර ද කියලා නැහැ මේ මුළු දිවයින පුරාම ජීවත් වන උදවියට ඉඩම් අයිතිය ලබා දෙන්නට ඔප්පුවක් ලබා දෙනවා කියලා.ඒ කටයුතු ඉටු කරන්නට ගරු ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට වගකීම භාරදුන්නායින් පස්සේ ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ දිනයක් බවට අගෝස්තු 21 වැනිදා පත් කරලා තියෙනවා.
පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා ගාල්ලෙන් ඉඩම් ඇමතිතුමා මේ වැඩේ පටන් ගත්තා .එතුමාට මේ ඉඩම් අමාත්‍යාංශය ලැබීම පිළිබදව අපි උපරිම වශයෙන් සතුටු වෙනවා.
සමහර අය අවුරුදු 20 ක් තිස්සේ නොකරපු දේ අවුරුදු 3 න් අපෙන් බලාපොරොත්තු වෙනවා .නීතියක් නැති රටක් දුෂිත රටක් අහිංසක මිනිස්සුන්ට දෙන්ඩ තියෙන දේවල් නාස්ති කරපු රටක් වංචාවෙන් පුදුම විදිහට ඉහ වහා ගිය රටක් හැටියට තිබු මේ රට වෙනස් කරන්නට අපිට සෑහෙන කාලයක් ගියා.අද ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් රටේ වැඩ කටයුතු කරන කොට නොයෙකුත් විදිහේ අපට චෝදනා කරනවා.මොකද මේවාට පෝස්ටර් කටවුට් බැනර් නැති නිසා.පසුගිය කාලයේ මේ ඉඩම් ඔප්පු බෙදාදීම මෙහේ වෙන කොට මුළු රටේම මේ ගැන බැනර් ගහනවා.මුළු රටේම පෝස්ටර් ගහනවා.එහෙනම් යාපනයේත් කටවුට් එකක් වදිනවා.ගිය සතියේ ගරු අගවිනිසුරුතුමා නීතිපතිතුමාලා ඇවිල්ලා ලක්ෂ 25 දාහක අධිකරණ සංකීර්ණයක් හදන්න මුල් ගල තිබ්බා.මම මේක කිවුවේ ඒ බව මෙතන ඉන්න අයගෙන් සියයට 80 ක් දන්නේ නැහැ ඒකයි යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.
අද ජනාධිපතිතුමායි අගමැතිතුමායි නායකත්වය දෙන මේ රටේ යහපාලනය තුළ මාධ්‍ය නිදහස රාජ්‍ය සේවයේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ස්වාධීන පොලිස් සේවය මැතිවරණ නිදහස මේ හැම එකක් ම ඇති කළා.සමහර අයට අමතක වෙලා තියෙනවා 2015 ජනවාරී 08 වැනිදාට පෙර මේ රට තිබුණේ කොහොම ද කියලා.අපි රජයක් ලෙස කැප වෙලා ඉන්නවා වර ප්‍රසාද නොලත් අයට ඒවා ලබා දෙන්න අපි අවුරුදු තුනක් තිස්සේ මේ රට වෙනස් කළා.
මම අභියෝග කරනවා 94 ඉදලා 2014 දක්වා නොකළ වැඩ කොටසක් මේ අවරුදු තුන තුළ අපි මේ දිස්ත්‍රික්කයේ කරලා තියෙනවා කියන එක.
ඊයේ පෙරේදා වෙන කොට බලංගොඩ නිවිතිගල ආසන දෙකේ 16 වැනි පාලමත් හදන්නත් මුල්ගල තිබ්බා.මේවා ඔක්කොම කෙරිලා තිබුණා නම් අපිට වැඩක් කරන්න ඉතිරි වෙන්නේ නැහැ.අද රණවිරුවන් ඉදිරියට දා ගෙන බෞද්ධකම ගැන ලොකු කැක්කුමකින් කථා කරන අයට මම කියනවා බෞද්ධකම ආරක්ෂා කර ගෙන බෞද්ධ ප්‍රතිපත්ති වල ජීවත් වන රාජ්‍ය නායකයෙක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නවා .රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉන්නවා. රජයේ වැඩ කටයුතු කරන කොට මර බියෙන් ජීවත් වෙන්නට එහෙමත් නැත්නම් සුදු වෑන් සංස්කෘතියේ ජීවත් වෙන්නට රජයේ නිලධාරීන්ට රජයේ නිලධාරීන්ට කාටවත් දෙකට තැනට නැවිලා ජීවත් වෙන්න තිබුණු යුගය අපි අවසන් කළ බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.
{gallery}thalatha_ratnapura{/gallery}

