කෝටි දෙකක් වැය කර කෘෂි ලොක්කන් ඊශ්‍රායලයට

කෝටි දෙකක් වැය කර කෘෂි ලොක්කන් ඊශ්‍රායලයට

ලෝක බැංකුවේ ණයක් යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පුහුණුවක් සඳහා යැයි පවසමින් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැයකරමින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් පිරිසක් ඊශ්‍රායලයේ සංචාරයකට ගොස් ඇත.

අගෝස්තු 14 වැනි අඟහරුවාදා රාත්‍රියේ ඊශ්‍රායල සංචාරය සඳහා මේ පිරිස පිටත්ව ඇති අතර ඊට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, අතිරේක ලේකම්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ප්‍රධාන ඝනකාධිකාරී ඇතුළු එම ව්‍යාපෘතියට අදාළව කටයුතු කරන 21 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගි වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඇතුළු මේ පිරිසේ බොහෝ දෙනා ඉදිරි මාස කිහිපයේදී විශ්‍රාම ගැනීමට නියමිත නිලධාරීන් බවත් රාජ්‍ය සේවයේ යම් පුහුණුවක් සඳහා යවනු ලබන්නේ ඉදිරියට වසර කිහිපයක් සේවය කල හැකි නිලධාරීන් බවත් මෙම සංචාරය එම වැදගත් සම්ප්‍රදාය කඩකිරීමක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එමෙන්ම ඊශ්‍රායලයේ ඇති නවීන කෘෂිකර්මය හැදෑරීම සඳහා යා යුත්තේ ඒ පිළිබඳව ප්‍රායෝගිකව කටයුතු කරන කෘෂි විද්‍යාඥයන් හා කෘෂි ඉන්ජිනේරුවන් බවද සංචාරයේ නිරත පිරිස අතර එවන් සුදුසුකම් ලත් පුද්ගලයන් සිටින්නේ කිහිප දෙනෙකු බවද තවදුරටත් අපගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතිය යටතේ මීට පෙර ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වී ඇත. එමෙන්ම තවදුරටත් වාර්තා වන්නේ ඉදිරියේදී තවත් නිලධාරීන් පිරිසක් මේ යටතේ ඊශ්‍රායලයේ සංචාරය කිරීමට නියමිත බවයි.

ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 169.84 ක් වන අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 125 ක මුදලක් ලෝක බැංකුව විසින් සපයා ඇත.

2016 ජූනි ආරම්භ කළ ව්‍යාපෘතිය 2021දෙසැම්බර් අවසන් වීමට නියමිතය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය විසින්ය.
(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න