ගම්පෙරළිය - එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රැගෙන : අගෝස්තු 18,19 මංගල මාතරට ! 

ගම්පෙරළිය - එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රැගෙන : අගෝස්තු 18,19 මංගල මාතරට ! 

ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ මාතර මැතිවරණ කොට්ඨාශයේ  ව්‍යාපෘති ආරම්භ කිරීම සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සහන ණය යෝජනා ක්‍රමය සඳහා වන බැංකු කවුළු විවෘත කිරීම 2018 අගෝස්තු මස 18, 19 යන දෙදින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇත.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා  - අගෝස්තු 18 

ඒ අනුව අගෝස්තු 18 වනදා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සහන ණය යෝජනා ක්‍රමය සඳහා වන බැංකු කවුළු විවෘත කිරීම,  පෙරවරු  9.30 ට ලංකා බැංකුව - කොටුවේගොඩ ශාඛාව,පෙරවරු 10.15 ට මහජන බැංකුව - උයන්වත්ත ශාඛාව,පෙරවරු 11.00 ට මහජන බැංකුව - ධර්මපාල මාවත ශාඛාව,පස්වරු 3.00 ට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB ) උයන්වත්ත ප්‍රධාන ශාඛාව යන ස්ථාන වලදී සිදුකිරීමට නියමිතව ඇත.

ගම්පෙරළිය - අගෝස්තු 19 
තවද ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ මාතර මැතිවරණ කොට්ඨාශයේ  ව්‍යාපෘති ආරම්භ කිරීම අගෝස්තු මස 19 වනදා,
පෙරවරු 9.30 ට මඩිහ- බටහිර පේමානන්ද මාවත : මුදුන් ඇලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම,පෙරවරු 10.30 ට ධාරුල් උලූම් විදුහලේ ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීම,පෙරවරු 11.30 ට කුඹල්ගම වැව - පිටවාන ඇල සංවර්ධනය කිරීම ආරම්භ කිරීම,
සිදුකිරීමට නියමිතව ඇත.

සබැඳි පුවත් :

ගම්පෙරළියෙන් මාතරට මිලියන 1400ක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න