ගම්පෙරළියෙන් මාතරට මිලියන 1400ක් !

ගම්පෙරළියෙන් මාතරට මිලියන 1400ක් !

ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන මගින් එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 බැගින් මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 07 සඳහා රුපියල් මිලියන 1400 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බව වාර්තා වෙයි. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයෙහි පිහිටි ග්‍රාම නිලධාරී වසම් 650 කේන්ද්‍රකර ගනිමින් ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන මගින් සෑම ගමකම හරිත උද්‍යානය බැගින් පිහිටු වීමට නියමිත අතර ගම්වල ඇති කුඩා වැව් ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.

ග්‍රාමීය ජනතාවගේ ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අවශ්‍ය ව්‍යායාම හා ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීම, පුස්තකාල පහසුකම් ලබා දීම, පොදු කටයුතු සඳහා මධ්‍යස්ථාන ඇති කිරීම හා සන්නිවේදන කටයුතු සඳහා වයිෆයි පහසුකම් ලබා දීම ආදී කටයුතු රාශියක් මේ යටතේ සිදු කිරීමට නියමිතය. ගම්වල තිබෙන කුඩා පන්සල්, කොවිල්, දේවස්ථාන හා පල්ලි ආදී අඩු පහසුකම් සහිත ආගමික මධ්‍යස්ථාන ද සංවර්ධනය කිරීමට කටයුතු කෙරේ.

මාතර දිස්ත්‍රික්කයේ ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යෝජනා මේ දිනවල මැතිවරණ කොට්ඨාස මට්ටමින් ලබා ගනිමින් පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න