විපක්ෂ නායක ධුරය පිළිබඳව කථානායක කරූ ජයසූරිය මහතා විසින් ස්වකීය තීරණය ගනු ලැබුවේ ඉතා පුළුල් සහ දීර්ඝ අධ්‍යනයකින් පසුව බව කථානායක කාර්යාලය පවසයි.
එම ධුරය පිළිබඳ කථානායකවරයා විසින් ලබාදුන් තීන්දුව පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විවිධ ද්වේශ සහගත ප්‍රකාශ සිදුකර ඇති බව එම කාර්යාලය සඳහන් කරයි.
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව දේශීය සහ විදේශීය විචාරකයින්ගේ අදහස්, අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින සම්ප්‍රදායන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රමිතීන් ද විමසා බැලීමෙන් අනතුරුව ප්‍රකාශ කල බව කථානායක කාර්යාලය සඳහන් කළේය.
එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයෙකු වන මහාචාර්ය විශ්වා වර්ණපාල සහ වර්තමාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් විසින් එවන ලද ලිපිවල සඳහන් නිර්දේශ ද මෙම ප්‍රකාශය සඳහා උපයෝගී කර ගත් බවද සඳහන්ය.
මෙම තත්ත්වය හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවතින පසුබිම අවබෝධ කොට නොගෙන සිදු කරන චෝදනා අතිශයින්ම අසාධාරණ බව අදාල නිවේදනයේ සඳහන් වෙයි.

