CID ය 17 දා මහින්දගේ ගෙදරට යයි !

CID ය 17 දා මහින්දගේ ගෙදරට යයි !

මාධ්‍යවේදී කීත් නොයාර්  පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්  ලබන 17 වැනිදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිසිය තීරණය කර තිබේ.

මීට අදාළ දැනුම් දීමේ ලිපිය පසුගිය 13 වනදා රහස් පොලිසිය විසින් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂට භාර දීමට කටයුතු යොදා ඇත.

එදින පෙරවරු 10.00ට කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසේදී මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවද රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මහින්දගෙන් ප්‍රශ්න කිරීමට හේතුව?

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කර ඇත්තේ කථානායක කරු ජයසූරිය මහතාගෙන් හෙළිවූ කරුණුවලට අනුව බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට සති කිහිපයකට ඉහතදී කථානායක කරු ජයසූරියගෙන් රහස් පොලිසිය පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

එම ප්‍රකාශවලින් හෙළිවූ කරුණු මත ඉදිරියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට දිනයක් ලබාදෙන ලෙසට රහස් පොලිසිය හිටපු ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවද පොලිස් ආරංචි මාර්ගයන් කියා සිටී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු  ප්‍රකාශ කර තිබුණේ කීත් නොයාර් පැහැර ගැනීම පිළිබඳව මුලින්ම තොරතුරු ලැබුණේ තමාට බවත් ඒ මොහොතේම එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂට  කථාකර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න