බස් වර්ජනයට මගී සංගම්වල විරෝධය : දඩ ගහනවට විරුද්ධ නම් නීතියට පාරේ යන්න

බස් වර්ජනයට මගී සංගම්වල විරෝධය : දඩ ගහනවට විරුද්ධ නම් නීතියට පාරේ යන්න

රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය විරෝධය පළ කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව දන්වා සිටින අතර බස් රථ බොහෝමයක් තරඟකාරි ලෙස ධාවනයේ යෙදීම ඇතුළු, මගී ජිවීත අවධානමකට ඇද දමන බොහෝ ක්‍රියාකරකම් වල නිරත විම සහ ඒවායින් සිදුවන අනතුරු අද වන විට සුලභ කාරණයක් බවට පත් වී තිබෙන බවද එහි සඳහන්කර ඇත.

තවද බස්‌ රථ සේවක සංගම් විසින් චෝදනාකරන ආකරයට දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියෑදුරන් අපහසුතාවට පත්වන බව පැවසීම  මිත්‍යාවක් බවත්  යම් බස් රථයක් මාර්ග නීති කඩකරමින් ධාවනය නොකරන්නේ නම් දඩ ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර බස්‌ රථ සේවක සංගම් විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරමින් ඉල්ලා සිටින්නේ රථ වාහන වැරදි කිරීමේ නිදහස බවද අදාළ නිවේදනයේ දැක්වේ.

එම නිසා බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිමට රජය කටයුතු කළහොත් එය වැරදි සඳහා දෙන අනුබලයක් බව තම සංගමයේ හැඟීම බවත් එම නිසා මගී ජිවිත ආරක්ෂා කරගැනිම වෙනුවෙන් දඩ අයකරගැනිමෙන් නොනැවතී, දිගු කාලින සහ තිරසාර විසඳුම් හඳුන්වා දීමට රජය විසින් කටයුතු කළ යුතු බව ද, බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිම කිසිසේත්ම නොකල යුතු බව ද අදාළ නිවේදනය හරහා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න