තමා හොඳම ප්‍රවාහන අමාත්‍යවරයා වන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන්කර ඇත.
දෙමටගොඩ පිහිටි දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීමේ අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
දුම්රිය මැදිරි මෙරට දී අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් එය ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉවහල්වන බවත් අමාත්‍යවරයා සඳහන්කර ඇත.
වැඩවර්ජන වල නිරත වීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රජය ලබා දී ඇති බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
ලංගමයත් ලාභ ලබයි : සියළු සේවකයන්ට 10000ක ප්‍රසාද දීමනාවක් !
මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩල ඉතිහාසයේ පළමුවරට සියලුම සේවකයන්ට රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
මේ දක්වා එම සේවකයන් වෙනුවෙන් රුපියල් 5,000ක ප්‍රසාද දීමනාවක් ලබාදුන් නමුත් රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අදාළ යෝජනාව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද, ඉතිහාසයේ පළමු වරට එම මණ්ඩලය මේ රටේ ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවද, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර ඇත.
පසුගිය 2017 වසරේ දී ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,618ක ලාභයක් ලබා තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා මේ වනවිට එහි සේවකයන් 30,492ක් පමණ සිටින බවද මේ සියලු සේවකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් හැකි පමණින් ක්‍රියාමාර්ග ගන්නා බවද පවසා ඇත.
ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රථමවරට මෙහෙයුම් ලාභයක් ලබා තිබෙන බවත් මෙතෙක් කල් පාඩුවට කටයුතු කළ නමුත් මේ වනවිට සේවක අර්ථ සාධක අරමුදල, ප්‍රසාද දීමනා නිසි වේලාවට ගෙවමින් ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවත් සඳහන්කර ඇති අමාත්‍යවරයා වෙනත් ඇමැතිවරු මෙන් සේවකයන්ගෙන් ආයතනය පුරවා කඩාවැටීමට තමා කිසිවිටෙකත් කටයුතු නොකළ බවද පෙන්වාදී ඇත.

