අර්ජුන තරග පවා දුන්නාද? ඈශ්ලිගෙන් සැර ටොක්කක්

අර්ජුන තරග පවා දුන්නාද? ඈශ්ලිගෙන් සැර ටොක්කක්

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා 1994දී ලක්නවු හි පැවැති ක්‍රිකට් තරගයක් පාවාදීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වූ චෝදනාවලින් අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (ICC) විසින්  තමන්ව නිදොස් කෙට නිදහස් කළ බවට පසුගිය දා ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් කළ ප්‍රකාශය සාවද්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා පවසා සිටී.

ඔහු  මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ  (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්චාවකදීය.

එහිදී මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයට ඇශ්ලි මහතා දැක්වූ අදහස මෙලෙසය.

″මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් කරලා නැහැ. මොකද අර්ජුනලා ක්‍රීඩා කරන කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ චංචා වැළකීමේ අංශයක් පැවතුනේ නැහැ″.

ඇශ්ලි ද සිල්වා මහතා පවසන මෙම ප්‍රකාශයත් සමග හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තරග පාවදීම සම්බන්ධ සැකය තව දුරටත් උග්‍රවන බව ඇතැමුන්ගේ මතය වී ඇත. 

ඒ පෙර සඳහන් කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රණතුංග මහතා තමන්ව ICCය විසින් තරග පාවදීම් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බව පුන පුනා පවසා සිටින නමුත් අන්තර් ජාතික ආයතනයකින් තබා ගමේ සමථ මණ්ඩලයකින් හෝ ගැටළුවක් විසඳුවිට යම් නෛතික ලියවිල්ලක් සියලු පාර්ශ්ව වෙත හිමිවන බවත් ඒ නිසා තමන් නිදහස් කළ බවට කුමක් හෝ නෛතික ලියවිල්ලක් රණතුංග මහතා අත තිබිය යුතු බව සඳහන් කරමින්ය.

රණතුංග පාර්ශවයේ උත්තරය 

නමුත් රණතුංග පාර්ශවය සඳහන් කරන්නේ අදාළ චෝදනාව  සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් කර නොමැති නම් සහ ඒ සමයේ ICC හී වංචා වැළක්වීමේ අංශයක් නොපැවතියේ නම් ලියවිලි ලැබෙන්නේ කෙසේද යන්න ගැන තිලංග පාර්ශවය සඳහන් කල යුතුව ඇති බවය.

එසේම 94 සිදුවීම හුදු චෝදනාවක් පමණක් බවත්  එය  96 ලෝක කුසලාන ජයග්‍රහණයද ඔප්පු කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ස්වර්ණමය යුගයක් උදාවූ ඒ සමයේ එවැනි අභියෝග ඕනෑතරම් පැමිණි බවත් එහෙත් ඒ කිසිවකින් බුකී හිමියෙකු වන තිලංග ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීමේ විකෘතිය සාධාරණීකරණය කළ නොහැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න