මහින්ද හෙට රතුපස්වල ! 

මහින්ද හෙට රතුපස්වල ! 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  හෙට (19) දිනයෙදී රතුපස්වල සිවුරලමුල්ල ප්‍රදේශයේ පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගිවීමට නියමිත බව වාර්තාවේ.

2013 අගෝස්තු පළමු වෙනි දින රතුපස්වල නිරායුධ ජනතාවගේ විරෝධයක් සඳහා හමුදාව යොදවා වැසියන් තිදෙනෙකු ඝාතනය කරවීමේ සිදුවීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  රතුපස්වල ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සවයකට හෙට සහභාගී වන්නේ පළමු වරට බවද වාර්තා වෙයි.

අත් වැසුම් නිපැයුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එක්වන බව පවසමින් උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව විසුරුවාහැරීමට රාජපක්ෂ පාලනය යුධ හමුදාව කැඳවූ අතර  එහිදී නැදුන්ගමුව, වැලිවේරිය, හල්ඔළුව, සිවුරලමුල්ල ආදී ප්‍රදේශවල ජනයාට ආරක්ෂක අංශ වලින් දැඩි ප්‍රහාර එල්ලවිය.
kalape 3 1000px
ජනතාව විසුරුවාහැරීමට යුද හමුදාව වෙඩි ප්‍රහාර ද එල්ල කළ අතර එහිදී 18 හැවිරිදි රවිශාන් පෙරේරා හා 17 හැවිරිදි අකිල දිනේශ් ජයවර්ධන නම් ශිෂ්‍යයන් දෙදෙනා ද නිලන්ත පුෂ්පකුමාර නම් 29 හැවිරිදි කම්කරුවා ද ඝාතනයට ලක් වූහ. තවත් 40කට පමන තුවාල සිදු විය. 

ආරක්ෂාව පතා අසල දේවස්ථානයට දිව ගිය නිරායුධ මහ ජනයා ලූහුබඳිමින් හමුදාව වෙඩි තබමින් පහර දුනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න