ඒකාබද්ධය විරෝධතා තියන විට යහපාලනය කරනදේ සජිත් කියයි !

ඒකාබද්ධය විරෝධතා තියන විට යහපාලනය කරනදේ සජිත් කියයි !

යහපාලන රජය පෙරලා දැමීමට විරුද්ධවාදීන් සැප්තැම්බර් මස මුල් සතියේදී සිව්දෙසින් ජනතාව ගෙන්වා උද්ඝෝෂණ, වැඩවර්ජන පැවැත්විමට කටයුතු කරන බව දැනගැනීමට ලැබී තිබෙන බවත්, විරුද්ධවාදීන් රජය පෙරලා දැමීමට කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන විට යහපාලන රජය ජනතාවට සහන ලබාදීම සඳහා සතර දෙසින් සංවර්ධන වැඩසටහන් ආරම්භ කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  පැවසීය.
 
ග්‍රාම ශක්ති, ගම් පෙරළිය, එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහ උදා ගම්මාන යන වැඩසටහන් යහපාලන රජය ක්‍රියාත්මක කරන විට එය බලා සිටීමට නොහැකි විරුද්ධවාදීන් රජය පෙරලා දැමීමට අද කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
 
පසුගියදා පැවති දුම්රිය වැඩවර්ජනය පිටුපසද මෙම විරුද්ධවාදී කණ්ඩායම් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා, පාසල් දරු දැරියන්ගේ විභාග පැවැත්වෙන කාලය ඉලක්ක කර ගනිමින් මසකට රුපියල් 250,000/= පමණ වැටුප් ලබන රජ්‍ය සේවකයින් පිරිසක් දුම්රිය වැඩ වර්ජනය සිදු කළේ රජය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදය ඇති කර රජය බිඳදැමීමේ විරුද්ධවාදීන්ගේ අරමුණ ඉටුකර දීමට බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම, ජුල්පල්ලම ප්‍රදේශයේ ඉදිවන “සිව්ජනගම” රාජ්‍ය සේවක උදා ගම්මානයට මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (18) දින සහභාගී වෙමිණි.
 
‘සිව්ජනගම’ රාජ්‍ය සේවක උදා ගම්මානය නිවාස 25 කින් සමන්විතය. මෙය ‘සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවෙන 1,119 වන ආදර්ශ ගම්මානයයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න