තවත්  ඖෂධ සහ උපකරණ රැසක  මිල අඩු කරන  ගැසට් එක දෙසතියකින් එනවා - රාජිත

තවත්  ඖෂධ සහ උපකරණ රැසක  මිල අඩු කරන  ගැසට් එක දෙසතියකින් එනවා - රාජිත

පිළිකා ඖෂධ 10 ක් ඇතුලු තවත් ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.

බෝනොවන රෝග පිළිබද කවුන්සිලය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - පිළිකා ඖෂධ වලින් සියයට 95 ක් මිල දී ගනු ලබන්නේ රජයයි. පෞද්ගලික අංශය සියයට 5 ක් පමණ අලෙවි කරනවා. පිළිකා ඖෂධ මිල අධිකයි. එම නිසා පිළිකා ඖෂධ මිල දී ගැනීමේ හැකියාවක් රෝගීන්ට නැහැ. ඖෂධ ආනයනය කිරිම සදහා වසරකට රජය රුපියල් බිලියන 07 කට අධික මුදලක් වැය කරනවා. පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුලින් රජයට ඉතිරිවන මුදල රුපියල් බිලියන 02 ක්. ටැබ්සුමාබ් නැමැති පිළිකා ඖෂධය යහ පාලන රජය බලයට පත්වන විට අලෙවි වුයේ රුපියල් දෙලක්ෂ අසූදාහකටයි. එය අද වන විට රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහස දක්වා අඩු වී තිබෙනවා.

මේ ආකාරයෙන් මිල අධික පිළිකා ඖෂධ 10 ක මිල අඩු කරනවා. යහපාලන රජය බලයට පත්වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිදහස් සෞඛ්‍ය සේවාව කියා මුදල් ගෙවා ඇත්තේ ඖෂධ සමාගම් වලටයි. පිළිකා රෝගීන් සදහා පැවැති රුපියල් ලක්ෂ 15 ප්‍රතිකාර සීමාව මම ඉවත් කළා. මේ වන විට එක් රෝගියෙකු රුපියල් ලක්ෂ 450 දක්වා ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. අසරණ රෝගීන් එම නිසා ජීවත් වෙනවා. රෝගීන්ගේ ජීවත්වන කාල පරිච්ඡේදය වැඩි වී තිබෙනවා. එය ඉතාම වැදගත්.මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න