ජොනී පනී ?

ජොනී පනී ?

මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයත් සමඟ රහස් ගනුදෙනුවක් පවත්වාගෙන යන බවට මහින්ද රාජපක්ෂ කණ්ඩායම චෝදනා කරයි.

එහි අභ්‍යන්තර ආරංචිමාර්ග විසින් එය තහවුරු කර සිටින අතර, සිය දේශපාලන කණ්ඩායම ගනු ලබන තීන්දු තීරණ පැය කිහිපයක් තුළ එක්සත් ජාතික පක්ෂයට දැනගන්නට ලැබෙන බවද වාර්තා වෙයි. 

අගමැතිවරයා සමීපව ඇසුරු කරන ඉදිරි පෙළ ඇමතිවරයෙකු සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය සමීප සබඳතාවයක් පවත්වාගෙන යන බවත්, දින දෙක තුනකට වරක් එම ප්‍රබල ඇමතිවරයා හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුණගැසෙන බවත් අනාවරණය වී තිබේ.

තවදුරටත් ඔවුන් සමඟ සිටීමෙන් පලක් නොවන බවත් අවස්ථාව පැමිණි විගස තමන්ව යළි එක්සත් ජාතික පක්ෂයට එක්කර ගන්නා ලෙසත් එකී ප්‍රබල අමාත්‍යවරයා සමඟ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත.

රාජපක්ෂ කණ්ඩායමේ සෑම දේශපාලන වේදිකාවකම පාහේ එජාප ඩීල් ගැන චෝදනා නැගෙන්නේ සිය මන්ත්‍රීවරයාගේ ක්‍රියා කළාපය නිසා බවත් ඉදිරියේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

(ලංකා ඉරිදා සංග්‍රහය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න