වසර 10 කට පසුව දුම්රිය ගාස්තු සංශෝධනයක් !

වසර 10 කට පසුව දුම්රිය ගාස්තු සංශෝධනයක් !

ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම අමාත්‍යංශයේ ලේකම් ජී.එස් විතානගේ සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරිමට නියමිත බවත් අදාළ දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බවත්ය.

ඊට අනුව නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව සියයට 15කින් පමණ දුම්රිය ගාස්තු ඉහළ යනු ඇති බව දැනගන්නට ඇත.

එසේම මෙම දුම්රිය ගාස්තු සංශෝධනයේදී රුපියල් 10ක්ව පවතින අවම දුම්රිය ගාස්තු සංශෝධනය නොවන බවද  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි.

අවසන් වරට දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකර ඇත්තේ 2008  වසරේදීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න