විජේදාසට එරෙහිව නඩුවක් ! 

විජේදාසට එරෙහිව නඩුවක් ! 

තම පක්ෂය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ හේතුවෙන් සිදු වූ අපහාසයට වන්දි ගෙවන ලෙස ඉල්ලමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුකු අමාත්‍ය විජේදාස රාජපක්ෂට එන්තරවාසියක් යොමු කරන බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය පවසයි.

අද (19) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මේ බව සඳහන් කල අතර වන්දි ගෙවිමට කටයුතු නොකළහොත් අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

නවක වදය ලබාදීම, මුදල් එක්රැස් කිරිම, එක්රැස් කරන මුදල් විවිධ වංචනික ක්‍රියා සදහා යොදා ගැනිම යනාදිය සම්බන්ධයෙන් සිය පක්ෂයට එල්ල කළ චෝදනා හැකිනම් සනාථ කරන ලෙස ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්  පුබුදු ජාගොඩ එහිදී  විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අභියෝග කරද සිටියේය.

එසේම අමාත්‍යවරයා සිදු කරන ලද එම චෝදනා සිය පක්ෂයට නොව සමස්ත මහජන ව්‍යාපාරයට එල්ල වූවක් බවද  ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න