හිරේ සිටිය යුතු විමල් එළියේ ඉන්නේ අගමැති නිසා - රංගේබණ්ඩාර 

හිරේ සිටිය යුතු විමල් එළියේ ඉන්නේ අගමැති නිසා - රංගේබණ්ඩාර 

හිරේ නොයා බේරී සිටීමට පාරල්මේන්තු මන්ත්‍රී විමල් වීර්වංශට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපකාර කර තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර  පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා  පෙන්වා දෙන්නේ නීති විරෝධී විදේශ ගමන් බලපත‍්‍ර භාවිතා කිරීම සිර දඩුවම් ලැබිය හැකි වරදක් බවය. 

තවද මීට ඉහතදී මහාචාර්ය ජී.එල්.පිරීස් විසින් ගෙන එන ලද නීතියට අනුව එම වරදට ඇප ලබා දිය නොහැකි බවත්, වරදට අදාල නඩුව අවසන් වනතුරු සිර දඩුවම් විදින්නට සිදුවන බවත් කී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ විමල් වීරවංශට පමණක් එම නීතිය කි‍්‍රයාත්මක නොවුනු බවය.

පුත්තලම, ආණමඩුව සිරම්බිඅඩිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත උදාගම්මානය සඳහා මුල්ගල තබමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න