හිටපු  ශ්‍රී ලන්කන් ලොක්කෙක් : ළඟදීම අත්අඩංගුවට !

හිටපු  ශ්‍රී ලන්කන් ලොක්කෙක් : ළඟදීම අත්අඩංගුවට !

රාජපක්ෂ රෙජීම පාලන සමයේ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. 

එම නිලධරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ආරම්භ කළ, මේ වන විට අවසානයට ළංවෙමින් තිබෙන විමර්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසින්ය. 

ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර තිබෙන විමර්ශන කොමිසම හමුවේ දී පවා මෙම පුද්ගලයාගේ නාමය මතුව තිබෙන අතර, එක්රැස් කරගත් රුපියල් ලක්ෂ සියයකට ආසන්න මුදලක වටිනාකමින් යුතු විදෙස් මුදල්, විදෙස් බැංකු ගිණුමක තැන්පත් කිරීමට ඔහු කටයුතු කර තිබෙන බවද මේ වන විට අනාවරණය කරගෙන ඇති බවද වාර්තා වෙයි. මෙම පුද්ගලයා එම මුදල උපයාගෙන තිබෙන ආකාරය හෝ බැංකු ගිණුම තිබෙන රට හෙළි කිරීම හෝ පිළිබඳ අදහස් දැක්වීමෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වැළකී සිටියී. 

එසේවුව ද, සිදුව තිබෙන ව්‍යාපාර ගනුදෙනු කිහිපයකදීම එක් පාර්ශවයක් සමඟ එම ගනුදෙනුවල යෙදීමට මොහු වැඩි කැමැත්තක් දක්වා තිබෙන බව අනාවරණය කිරීමට  සන්ඬේ ටයිම්ස් පුවත්පත කටයුතු කර ඇති අතර එහිදී ලබාදුන් සහාය වෙනුවෙන් ගනුදෙනු සඳහා හවුල්ව සිටි පාර්ශවයන් අදාළ නිලධාරියා වෙත  විදෙස් මුදලින් ගෙවීම් කර ඇති බවද අනාවරණය වී ඇත. වාර්තා වන ආකාරයට  මෙසේ මුදල් ගෙවීම සිදුකර ඇති සමාගම මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, බැංකුවේ මුදල් තැන්පත් කර ඇති බවට සාක්ෂිද  සොයා ගැනීමට හැකිව තිබේ. 

ඒ අනුව මෙම ඉහළ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම විමර්ශනය කි‍්‍රයාත්මක වන්නේ ශී‍්‍ර ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් වන විමර්ශන කොමිසම දියත්ක්කර ඇති  විමර්ශනවලින් ස්වාධීනවය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න