නැපෝලියන් වැනි ඒකාධිපති පාලකයන් රටකට අවශ්‍ය නොවන බවත් නමුත් ඇතැම් මාධ්‍ය තවමත් මහරජ සංකල්පයේ සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
පසුගියදා කෑගල්ලේ පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
පසුගිය වසර 03 අප හුස්ම ගත් වසර 03ක් බවත් තම පාර්ශවය මේ රට භාර ගන්නා විට ශ්‍රී ලංකාව නම් වූ ලෙඩාට ජීවත්වීමට ජීවිත සහාය අවශ්‍ය වී තිබුණ නමුත් හදිසි ප්‍රතිකාර ලබා දෙමින් ඒ ලෙඩා ප්‍රකෘති තත්වයට ගෙන ඒමට ආණ්ඩුවට හැකිවූ බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
අප ලබා දුන් නිදහසට අනුව ඕනෑම මතයක් ප්‍රකාශ කිරීමට , සමාජ වෙබ් අඩවි හරහා සත්‍ය හෝ අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට ජනතාවට හැකියාව ලැබී තිබෙනවා. අද අප සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයකයි. ඇතැම් අය ඉන් ප්‍රයෝජන ගන්නවා ඇතැමුන් අයුතු ප්‍රයෝජන ගන්නවා.
ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් අප කටයුතු කරනවා. මැතිවරණය පවත්වන්නේ මැතිවරණ කොමසාරිස්වරයායි. ඒ සියල්ල කිසිදු ගැටළුවකින් තොරව සිදු වෙනවා.
රටේ ජනමාධ්‍ය පවසන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවයි. ඔවුන් තවමත් සිටින්නේ මහරජ සංකල්පයේයි. මහරජවරුන් සිටින රටකට ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවුණේ ඊට විරුද්ධවයි. නැපෝලියන් වැනි පාලකයින් රටට අවශ්‍ය නැහැ.
හිට්ලර් කෙනෙක් වෙන්නට යැයි කවුරුන් හෝ මට පැවසුවා නම් එම ප්‍රකාශය නිවැරදි නොවන මම ඒ මොහොතේම පවසනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය හෙලා දැක්කේ නැහැ. එසේ නම් මාධ්‍ය මගින් ඔහුවත් විවේචනය කළ යුතුයි. නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඔහුව විවේචනය කළෙත් නැහැ.”

