රනිල් ඊළඟ අගමැති හොයයි !

රනිල් ඊළඟ අගමැති හොයයි !

එක්සත් ජාතික පෙරමුණේ සියලුම මැතිඇමතිවරුන් ඉදිරි මාස කිහිපය තුළදී තරගයට වැඩ කර ප්‍රතිඵල රටට පෙන්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

සංවර්ධන කටයුතු සඳහා යහපාලන ජාතික රජය ආරම්භ කර තිබෙන රටපුරා ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවේදී  මැති ඇමැතිවරුන් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇති අතර ග්‍රාමීය මාර්ග ‍පොදු පහසුකම් ඇතුළු කටයුතු සඳහා රජය කෝටි 8000 ක් වෙන් කර ඇති අවස්ථාවේ තරගයට වැඩ කර ඉදිරියට පැමිණිය යුතු බවද දන්වා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පෘතුගිසි හමුදා කන්ද උඩරටට පැමිණෙද්දී බලනට ළඟාවන තුරු නිහඩව සිටි පළමු වන විමලධර්මසූරිය රජතුමා ඔවුන් බලනදි පරාජය කළ බවය. 

පෘතුග්‍රීසි හමුදා බලනට එනතෙක් පහර නොදීම සම්බන්ධයෙන් විමලධර්මසූරිය රජතුමාට තමාට මෙන්ම බැනුම් ඇසීමට සිදු වූ බවද  සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා රජය දැන් නියම මාර්ගයට ඇතුළු වී ඇති හෙයින් වැඩ පෙන්වා ඉදිරියට එන්නැයිද මැති ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ.     

යහපාලන රජයට වර්ෂ 3 සම්පූර්ණ වන විට ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කළ බවත්  එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති ග්‍රාම ශක්ති වැඩසටහන හරහා රටේ සංවර්ධනය ක්‍රියාත්මක වන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී කියා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න